Thursday, April 2, 2020

178. කුකුල් මස් රසැති සෝයා මීට අල සමග කරියක් සාදාගන්නා ආකාරය

කුකුල් මස් රසැති සෝයා මීට අල සමග කරියක් සාදාගන්නා ආකාරය 
චීකන් මීට් බෝල්ස් හා අල එකතු කර සාදා ගන්නා ලද රසවත් කරියක්.

අවශ්‍ය ද්‍රව්‍ය :-

චීකන් මීට් බෝල්ස් ග්‍රෑම් 250
අර්තාපල් ග්‍රෑම් 200
බීලූනු ගෙඩි 2
අමුමිරිස් කරල් 3
රම්පේ කෑල්ලක් 
කරපිංචා 
සේර ගස් එකක්
මිරිස් කුඩු මේස හැදි 2 
ගම්මිරිස් කුඩු තේ හැදි 1 
බැදපු තුනපහ කුඩු මේස හැදි 2 
ලුණු කුඩු මේස හැදි 2 
පොල් කිරි කෝප්ප 2
තක්කාලි ගෙඩි 1 
අඹරා ගත් ඉගුරු හා සුදුලූනු 

සාදන ක්‍රමය:-

චීකන් බෝල්ස් කෑලි තුනට කපන්න. ඒ ප්‍රමානයට අලත් කපන්න.තක්කාලිත් කපා ගන්න.මේ සියල්ලට මිරිස් කුඩු,ගම්මිරිස් කුඩු,
කලු කුඩු,ලුණු කුඩු,එකතු කර අනා ගන්න.
භාජනයකට තෙල් ටිකක් දමා එයට අඹරා ගත් ඉගුරු හා සුදුලූනු දමන්න.ඉන් පස එයට කපා ගත් බීලූනු,අමුමිරිස් ,සේර රම්පේ එකතු කර බැදෙන්න හරින්න. කපාපු තක්කාලි ගෙඩියත් එකතු කරන්න. දැන් චීකන් මීට් බෝල්ස් හා අල
එකතු කරන්න.හොදින් කලවම් කරන්න.මෙය බැදී ගෙන එනවිට පොල් කිරි කෝප්ප 2 එකතු කරන්න.කලවම් කරන්න.මෙය හොදින් නටන විට කලු කුඩු ස්වල්පයක් උඩින් ඉසින්න.
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...