Wednesday, April 1, 2020

177. කිරි කොස් කරිය රහට හදාගන්න ආකාරය

කමු කිරිකොස් 

අවශ්‍යද්‍රව්‍ය :-

කොස් මදුළු කිලෝ 1
උකු පොල් කිරි කෝප්ප 2
දිය පොල් කිරි කෝප්ප 2
කහා කුඩු තේ හැදි 1 
ගම්මිරිස් ඇට 10 
ලුණු කුඩු මේස හැදි 2 
උලුහාල් ඇට කීපයක්
කුරුදු කෑල්ලක් 
බීලූනු ගෙඩි 1 
අමුමිරිස් කරල් 3 
කරපිංචා 

සාදන ක්‍රමය :-

කොස් මදුළු කපා ගන්න.එයට කහා කුඩු,උලුහාල් ,ගම්මිරිස් ඇට, බීලූනු, අමුමිරිස් කරපිංචා,ලුණු කුඩු එකතු කර වතුර අවශ්‍ය ප්‍රමානයට එකතු කරන්න.කොස් මදුළු තැම්බුනාම එයට උකු කිරි කෝප්ප මුලින් එකතු කර මදි නම් අනිත් කිරි ටික එකතු කරන්න. දැන් හොදට කිරි නටන විට ලුනු රස බලා අවශ්‍ය නම් තව දමන්න.ටිකක් කිරි හිදුනු විට ලිපෙන් බා ගන්න.මෙය රසවත් කිරි කොස් මාලුවකි.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...