Wednesday, April 1, 2020

176. උලුඳු රසට පහසුවෙන් ගෙදරදි සාදාගන්නා ආකාරය

හදමුද උලුඳු වඩේ:-

උලුඳු ඇට ගෑම් 500 
ගා ගත් පොල් කෝප්පයක් 
බීලූනු ගෙඩි දෙකක් පමණ 
අමුමිරිස් කරල් හයක් 
කරපිංචා 
වේලිච්ච මිරිස් කරල් තුනක් කෑලි කඩා ගන්න 
ලුනු කුඩු ස්වල්පයක් 

සාදන ක්‍රමය: 
උලුඳු ඇට උදෙන්ම පෙගෙන්න තබන්න.
දවල් එකට පමණ බ්ලෙන්ඩ් කරන්න.
බ්ලෙන්ඩ් කරන කොට වතුර එකතු කරන්න එපා.අවශ්‍ය නම් යන්තම් දමන්න.නැති නම් දියාරු විය හැකියි.
මෙයට ආප්ප සෝඩා හෝ instant soda තේ හැදි දෙකක් එකතු කර හොදින් අනා වසා තබන්න.
රාත්‍රි ආහාර සදහා රාත්‍රි හතට පමන හදන්න ගන්න. මේ මිශ්‍රණයට ගා ගත් පොල් ,කපා ගත් බීලූනු ,කපා ගත් අමුමිරිස් ,පුන්ච්යට කපා ගත් කරපිංචා ,වේලිච්ච මිරිස් කරල් කෑලි හා ලුණු කුඩු අවශ්‍ය ප්‍රමානයට එකතු කර හොදින් අනා ගන්න . අත තෙමීම සදහා වතුර භාජනයක් ලග තබාගන්න.වතුර වලින් අත තෙමා ගෙන අනා ගත් මිශ්‍රණයෙන් බෝලයක් සාදා මැද ඇගිල්ලෙන් හිලක් සාදා ගැඹුරු තෙලේ බැදගන්න .නැවත උලුඳු වඩයක් සෑදීමට පෙර අතේ වතුර ටිකක් ගා ගන්න.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...