Saturday, September 17, 2016

140. ලොකු පොඩි සැවොම කැමති කොක්ලට් ස්වීස් රෝල් ගෙදරදිම හදමු

ලොකු පොඩි සැවොම කැමති කොක්ලට් ස්වීස් රෝල් ගෙදරදිම හදමු


බිත්තර 3
පිටි 100
සීනි 100
බේකින් පවුඩර් තේ හැදි 1/2
කොකෝවා පවුඩර් 25
වැනිලා තේ හැදි 1

බිත්තර සුදු මද කහ මද වෙන්කරන්න
සුදුමද බීට් කරන්න මෙහිදී වතුර හෝ කහ මද එකතු නොවන සේ සීනි වලින් 1/2 පමන එකතුකර බීට් කරන්න

කහමද වලට ඉතිරි සීනි එකතුකර බීට් කරන්න

බීට්කරගත් සුදුමද හා කහ මද එක්කරන්න

පිටිවලට බේකින් පවඩර් හා චොකලට් කුඩු එකතුකරන්න

බිත්තර මිශ්‍රනයට වැනිලා එකතුකර පිටි ටික ටික දමා කලවම් කරන්න.

හොදින් මගරින් ගාගත් බේකින් කඩදාසියක් තැටියට දමා කේක් එක දමා 160 උෂ්නත්වයේ වි 10-15 බේක් කරන්න

උණුවෙන් සීනි ඉසගත් කොළයක් දමා රෝල් කරන්න. නිවුනු පසු චොකලට් අයිසිං වලින් සැන්ඩ්විච් කරගන්න. රෝල් කරන ලද කේක් එක නිවුනු පසු පරිස්සමින් පොඩ්ඩක් විවෘත කර අයිසිං තවරා නැවත රෝල් කරන්න

චොකලට් අයිසිං
මාගරින් 50g
අයිසිං 100g
කොකොවා පවුඩර් මේස හැදි 1 1/2

රෝල් කරන ලද කේක් එක නිවුනු පසු පරිස්සමින් පොඩ්ඩක් විවෘත කර අයිසිං තවරා නැවත රෝල් කරන්න

මේ සියල්ල බීට් කර අයිසිං එක සාදාගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...