Saturday, February 27, 2016

134. ඩෝක්ලා ,(ගුජරාටි)... සාදාගන්නා ආකාරය 

ඩෝක්ලා ,(ගුජරාටි)... සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍යඃ
°°°°°°°°°°°°°°°°°°

කඩල පිටි කෝප්පයක් -150g
මුදවපු කිරි කෝප්ප බාගයක්
දෙහි යුෂ මේස හැන්දක්
බේකින් සෝඩා තේහැදි බාගයක්
එලවළු තෙල් තේ හැන්දක් - සීසනින් වලට තෙල් මේස හැදි දෙකක් වෙනමම ගන්න .
අබ ඇට තේ හැන්දක්
හීනියට කැපු කොත්තමල්ලි කොල කෝප්පයක් පුරවල ගන්න
ලුනු අවශ්‍ය පමන

සාදන අයුරැ :
°°°°°°°°°°°°°°°°°°

ලොකු මික්සින් බෝල් එකකට කඩල පිටි හලල එකතුකරන්න.
මීලගට එම බෝල් එකටම වෙනමම බීට්කරගත්  මුදවපු කිරි සහ අවශ්‍ය පමන ලුනු දමා මිශ්‍ර කරන්න .

පසුව  වෙනමම කුඩා බෝල් එකකට දෙහි ඉස්ම ,බේකින් සෝඩා සහ තෙල් කලවම්කර  එය පිටි මිශ්‍රණයට දමා හොදින් මිශ්‍ර කරන්න .

පිටි මිශ්‍රණය විනාඩි හතලිහක් හතලිස් පහක් පමන පැත්තකින් තියන්න .

විනාඩි හතලිහක් - හතළිස් පහක්  ගිය පසු පිරිසිදු කරගත් බේකින් ටෙුි එකකට  මේ ඩෝක්ලා මිශ්‍රණය වත්කර විනාඩි 10ක්,යනතුරැ ස්ටීම් කරගන්න . ස්ටීම් කර පිටතට ගෙන නිවෙන්නට තබා සීසනින්  සාදාගන්න .

කුඩා ෆ්‍රයි පෑන් එකකට ඉතුරැ එලවළුතෙල්  දමා මදරස්නෙන් රත්වෙන්නට හැර එයටම අබ ඇට එකතුකරන්න .

අබ ඇට එකින් එක පුපුරන්නට ගත් විට ලිපෙන් බා එම තෙල් මිශ්‍රණය ඩෝක්ලාව උඩින් වත්කරන්න .

මී ලගට හීනියට කැපු කොත්තමල්ලි කොල උඩින්  ඉස, කෑලිකපා පිලිගන්වන්න .

ස්ටීමර් එකක්  නැති අයට මේ රෙසිපියට අනුව හදල උෂ්ණත්වයට ඔරොත්තුදෙන බෝල් එකකට  දාලා මයික්‍රොවේව් එකේ විනාඩි හයක් විතර තියල හදාගන්නත් පුළුවන් , මයික්‍රොවේව් එකේ දාලා සැරෙන් සැරේ ඇරල ,පැති මාරැ කරල .
, විනාඩි හයක් තියල ගන්න
කඩල පිටි වලින්  හදල ස්ටීමර් එකකින්  තම්බල ගන්න ඩෝක්ලා ,රසයි වගේම ගුනයි. ආහාර පාලනය කරන අයට වගේම නිර්මාන්ෂික අයටත් හොදට ගැලපෙන අතුරැ  ආහාරයක් , (ස්නැක් එකක්).



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ඩෝක්ලා ,(ගුජරාටි)... සාදාගන්නා ආකාරය 

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...