Friday, February 26, 2016

133. රස ගුණ පිරි කොහිල..කරියක් සාදාගන්නා ආකාර

අද මම ඔයාලට ගෙනාවා රස ගුණ පිරි කොහිල..කරියක් සාදාගන්නා ආකාරය 




හුගක් යාළුවො කොහිල හදන හැටි මෙසේජ් මගින් ඇහුවා ඒ හැමෝටම මම හදන විදිය මෙසේජ් කලා, අපිට කොහිල ලැබෙන්නේ කලාතුරකින් නිසා හදලා ෆොටෝ අරන් තිබුනේ නෑ මේ ගැන ලියන්න..
කොහිල බොහොම ගුණ කෑමක්, කොහිල කෙදි වලින් සමන්විත එළවළුවක්..ඒකම තමා මේ එළවලුව විශේෂ වෙන්නත් හේතුව..එම කෙදි ආමාශයේ ජරා ජීර්ණ කොටස් එකට බැදී අනවශ්‍ය දෑ ශරීරයෙන් පිටකරනවා. එමගින්  ශරීරය ඇතුළත පිරිසිදු වෙනවා.. මල බද්දය ඇති අයට විශේෂයි හේතුව කෙඳි සහිත ආහාරයක් වීම නිසා..හුගක් දෙනා කොහිල ලෙඩ කෑමක් කියලත් හිතනවා ඒත් හදන රස විදි වලින් කෑමට ප්‍රිය උපදවන දෙයක් තමයි කොහිල, අපිට ලංකාවෙන් ගෙන්වන එළවලු  ලැබෙන්නේ කලාතුරකින්..එහෙම ලැබුනම ආසාවෙන් හදන එළවලු වලින් මුල් තැන දෙන්නේ කොහිල වලට, කොහිල දළු සම්බෝලය, කොහිල අල සම්බෝලය හරිම රසයි..කලින් මම ඔයාලට කොහිල අල සම්බෝලය ගැන ලියල ඇති අද ලියන්නම් කොහිල අල රසවත් විදියට හදන හැටි සහ කොහිල දළු රසවත් විදියට :) එහෙනම් ඔන්න ආයේ කොහිල දැක්කොත් ගන්න අමතක කරන්න එපා...කොහිල දළු වලින් මැල්ලුමක් සම්බෝලයක් සහ කිරට රස ව්‍යංජනයක් හදාගන්න පුළුවන්..අල වලිනුත් එහෙමයි සම්බෝලය  ඒ වගේම කිරට, මිරිසට, තෙල් දාලා මේ කොයිවිදියටත් රසයි..
කොහිල අල ව්‍යංජනය -
කොහිල අල වටේම පොත්ත අරින්න, සුද්ද කරලා තියෙන අල වල වුනත් ආයේ ඇරියට කමක් නැහැ, දැන් කැරට් වගේ ග්‍රේට් කරගන්න..
ලුණු කහ මිරිස් තුනපහ එකතු කරලා හොදින් කලවම් කරන්න..
අතින් කලවම් කරද්දී කසනවා ඒ  වෙලාවට උණුවතුරෙන් අත හෝදන්න..
එහෙම නැතිනම් හොදින්  හැන්දකින් කලවම් කරන්න..
දැන් ඔයාලට තියෙනවනම් මැටි හට්ටියක් එය ලිපේ තියලා තෙල් ටිකක් එකතුකරන්න..(තියෙන සුදුසු බාජනයක් ලිපේ තියන්න)
තෙල් රත්වූ විට එයට කරපිංචා, රම්පෙ පොඩි කොටසක්, කුරුදු පොතු කිහිපයක් , පොඩියට කපාගත් ළුණු, තලාගත් සුදු ළුණු, අමු මිරිස් , මිරිස් කෑලි එකතු කරන්න.. 
දැන් මේ සියල්ල තෙලින් බැදුණු පසු කලින් තුනපහ මිරිස් කහ ලුණු අතගාල තියාගත්තා කොහිල එකතු කරන්න හොදින් කලවම් කර පොඩියට කපාගත් තක්කාලි ගෙඩියක් එකතු කරන්න..තක්කාලි නැතිනම් පොඩි ගොරකා කැබැල්ලක් එකතු කරන්න..දැන් තෙලෙන් තැම්බෙන්න හරින්න..මිටි කිරි එකතු කරලා හොදින් හින්දලා ගන්න..රස බලන්නකෝ හදලම :)

කොහිල දළු ව්‍යංජනය - 
කොහිල දළු හොදින් සෝදා..අතින් කඩන්න දළු කොටසේ ඉදල බද කොටස දක්වා..එහෙම කඩද්දි බද කොටස මෝරලා වගේ හැගෙනම් අතින් කඩන්න බැරිනම් ඒ කොටස් ගන්න එපා..
මම හැදුවේ පරිප්පු දාලා..ඔයාලට පුළුවන් උම්බලකඩ දාලා කිරි දාලා රසට හදන්නත්..ආයේ දවසක තව විදි අරගෙන එන්නම්..
අතින් කඩාගත් කොහිල දළු ටිකට පරිප්පු ටිකක් සෝදා එකතු කරන්න..
එයට කපාගත් ළුණු, සුදු ළුණු, රම්පෙ කරපිංචා, අමු මිරිස් කරලක්, කුරුදු පොතු එකක්, ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ එකතු කරලා මිටි කිරි වලින්ම ලිපේ තියන්න..මද ගින්දරේ හොදින් හින්දෙන්න හරින්න..රස බලලා මටත් කියන්න..
ආයේ එළවලු ගන්න ගියාම කොහිල ගෙන්න අමතක කරන්න එපා හොදේ.. :) 
**ව්‍යංජනය කියන වචනේ හරියට ලිවට හරි වචනේ එන්නෙම නෑ..:) 
කලින් ලියා තිබූ කොහිල අල සම්බෝලය හදන හැටිත් මේ සමග එකතු කලා..

උපටාගැනිම ෆෙස්බුක් සමජ වෙබ් අඩවිය
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...