බණ්ඩක්කා මෝජුවක් සාදාගන්නා ආකාරය
අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°°°
බණ්ඩක්කා කරල් 12 විතර
රතු ළුණු 20 විතර..
අමු මිරිස් කරල් 5
තියෙනවනම් හාල් මැස්සෝ ටිකක්..
රම්පෙ පොඩි කොටසක්, කරපිංචා..
කුරුදු පොඩි කැබැල්ලක්
තලාගත් සුදු ළුණු, අමු ඉඟුරු පොඩි කොටසක් (මේ දෙකම එකතුකලාම මේස හැන්දි 1 1/2 ක පමණ ප්‍රමාණයක්)
රස අනුව ලුණු, කහ තේ හැදී 1/4
තුනපහ තේ හැදී 1/2
මිරිස් කුඩු තේ හැදී 1/2
සීනි තේ හැදී 1/2
තක්කාලි සෝස් මේස හැදී 1 1/2
සාදාගන්නා ආකාරය
°°°°°°°°°°°°°°°°°°
බණ්ඩක්කා පොඩි කොටස් හෝ තීරු වලට කපලා, කහ ලුණු අතගාලා තෙල් පොඩ්ඩක් එකතුකර බැදගන්න..
**ගැඹුරු තෙලේ නෙමේ තෙල් ටිකක් වෙන්න එකතු කරලා එහාට මෙහාට කරමින් බැදගන්න...
දැන් ඒ වගේ රතු ළුණු, අමු මිරිස්, කරපින්චා,හාල්මස්සොත් බැදගන්න...
මේවයේ තියෙන වැඩිපුර තෙල් උරාගන්න ඕනේ නිසා ටිෂු කොළ දෙකක් හෝ තුනක් මත මේ බැදගත් සියල්ල අතුරන්න..
දැන් පෑන් එකක් ලිප තබා තෙල් බොහොම ස්වල්පයක් එකතු කර එයට කහ, තුනපහ, කුරුදු පොත්ත, මිරිස් කුඩු, සීනි, ලුණු, තලාගත් අමු ඉඟුරු සුදු ළුණු, සෝස් එකතු කර පොඩි වෙලාවක් උයාගන්න..එයට බැදගත් බණ්ඩක්කා, ළුණු, අමු මිරිස්, හාල්මැස්සෝ එකතු කරන්න..පුංචි වෙලාවක් උයාගන්න..ලුණු රස බලන්න, සීනිත් තව ඕනේ වගේ හැගෙනවානම් එකතු කරන්න...ඔන්න එහෙනම් අමතක කරන්න එපා හොදේ, මේ රසම රස බණ්ඩක්කා මොජුව හදලා රස බලන්න ඔයාලත්.. :)
** මේ ගැන ලියන්න හිතුනා..සාමාන්‍යයෙන් මෝජු වර්ග හදද්දී විනාකිරි ටිකක් එකතු කරනවා..ඒත් මම අඩුවෙන්ම පාවිච්චි කරන දෙයක් තමයි විනාකිරි..මේ මෝජු එකටත් මම විනාකිරි එකතු කලේ නැහැ, ඒ වුනාට රසේ අඩුවක් නෑ :) ඕනෑම කෙනෙකුට රස විදින්න පුළුවන්..විනාකිරි අගුණ අයටත්, ඔයාලත් හදලා බලන්නකෝ විනාකිරි නැතුව රසේ අඩුවක් තියෙනවද කියල :) !
ඔයාලා කවදාවත් දැකලා අහලා රස බලලා නැතිව ඇති නේද බණ්ඩක්කා මෝජු.. :) බණ්ඩක්කා සම්බෝලයක් හදන්න කියලා හිතුවේ, රතු ළුණු ටික පෙනෙන පෙනෙන වාරයක් පාසා මෝජු මයි මතක් වෙන්නේ ඉතින් මම හැදුවා බණ්ඩක්කා මෝජුවක්..අපේ අම්මට කීවම හිනා වෙලා කීවා අම්මටත් එහෙම හදලා රස බලන්න ආසයි කියලා, ඒ වගේම සතුටුයි කියලත්..ඉතින් ඔයාලත් කෑමක් හදද්දී පුංචි පුංචි වෙනස්කම් කරලා හදන්න..එහෙම හදලා ගෙදර අය රස බලලා ඒ ගැන ආසාවෙන් කියද්දී ඔයාලගේ හිත සතුටින් පිරේවි..ඔන්න ඉතින් කෑමක රස දැනුන හැටියේ මගේ හිත සතුටින් පිරෙනවා ඒ වෙලාවට මට මතක් වෙන්නේ ඔයාලව..එහෙනම් අපි හදමුද බණ්ඩක්කා මෝජුව...
...(මේකේ රස දැනුනම හිතුනා ඔක්කොම ටික මේ විදියට හැදුවනම් කියල :) )