Friday, February 19, 2016

132. සුදු ලූනු හොද්දක් සාදාගන්නා ආකාරය

ඉස්සර ගෙදර දානයක් තියන කොට වරදින්නෙ නැති දෙයක් තමයි සුදුලුනු කලුපොල. කොලෙස්ටරෝල් තියන අයට හරිම ගුණ කෑමක්. සමහරු සුදුලූනු කන්න කැමති නැහැ. මෙහෙම හදල දුන්නොත් නම් කවුරුත් නොකන එකක් නැහැ.

අවශ්ය දේ
°°°°°°°°°°°°°°°°°
සුදුලූනු කෝප්පයක්
රටලූනු ගෙඩියක්
අමු මිරිස් කරල් කිහිපයක්
වේලපු මිරිස් කරල් කිහිපයක්
ගා ගත් පොල් සහ හාල් මිටක්
කරපින්චා,රම්පෙ,සේර
කුරුදු කැබැල්ලක්
උලුහාල් ස්වල්පයක්
සූදුරු තේ හැන්දක්
කහ , මිරිස්,තුනපහ,ලුනු
පොල් කිරි කෝප්පයක්
තෙල්

සාදන ආකාරය
°°°°°°°°°°°°°°°°°

සුදුලූනු සුද්ද කර සෝදා  ගන්න. එය ලොකු ගෙඩි නම් දෙකට කපා ගන්න. ගොඩක් පොඩි ගෙඩි නම් කපන්න එපා. දැන් හාල් පොල් කබලේ බැදල මිශ්‍රනය හදා ගනිමු. මම මීට කලින් රෙසපි කිහිපයකම කියල දීල තියනවා. හාල් මිටක් ,පොල් මිටක් අරගෙන කබලක දාල බදින්න. බදින කොට පාට වෙනස්වෙලා හොද සුවදක් එනවා.දුඹුරුපාටට හැරුනට පස්සෙ මෙය බ්ලෙන්ඩර් එකකට දාල බ්ලෙන්ඩ් කර ගන්න. නැත්නම් වංගෙඩියක පිටි වෙන්න කොටා ගන්න. රටලූනු ගෙඩියත් සුද්ද කර සිහින්ව ලියා ගන්න. අමු මිරිස් පොඩියට කපා ගන්න. මිරිස් කුඩු,තුනපහ කබලක දමා රන්වන් පැහැ වනතෙක් බැද ගන්න.දැන් මැටි හට්ටියක් අරගෙන එයට තෙල් දමන්න. තෙල් රත් වූ විට රටලූනු,කුරුදු, සූදුරු,උලුහාල්,කරපින්චා, දෙකට කඩා ගත් වේලපු මිරිස් කරල්,රම්පා,සේර දමා තෙම්පරාදු කර ගන්න. තෙම්පරාදුව රන්වන් පැහැ වී ගෙන එන විට හාල් පොල් මිශ්‍රණය දාන්න. බැද ගත් පහේ මෙයටම එකතු කරන්න. හාල් පොල් මිශ්‍රණය තෙලට දානකොට එය තෙල්වල උරා ගන්නවා. ආයෙ තෙල් එකතු කරන්න එපා. එය හොදින් කලවම් කරමින් උරාගත් තෙලෙන්ම බැදෙන්නට අරින්න. දැන් සුදුලූනු එකතු කර වතුර කෝප්ප බාගයක් පමණ දමා අමුමිරිස් සහ අවශ්ය පරිදි ලුනු එකතු කර පිස ගන්න. වතුරින් තැම්බුනාට පසු උකු පොල්කිරි එකතු කරන්න. දියර ගතිය හිදෙනතුරු මද ගින්නේ පිස ගන්න. උනුවෙන් මේසෙට යවන්න.

Ami & Hashi

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...