Saturday, October 10, 2015

99. මිශ්‍ර පලතුරැ බීම සාදාගන්නා ආකාරය 

මිශ්‍ර පලතුරැ බීම සාදාගන්නා ආකාරය




අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු අන්නාසි ගෙඩි 1
දොඩම් ගෙඩි 2
පැෂන් පෘට් ගෙඩි 6ක් හෝ යුෂ පයින්ට් ¼
ලෙමන් ගෙඩි 2දෙහි ගෙඩි 4
ඔරේන්ඡ් ක්‍රෂ් බෝතල් 1
තැඹිලි ගෙඩි 2
නාරං තේ හැදි 1
සීනි රාත්තල් 1
ලුණු ස්වල්පයක්
අයිස් කැට


සාදන අන්දම

            අන්නාසි කුඩා කොටු වලට කපා ගන්න. අන්නාසි කෝප්පයක් පමණ පසෙකින් තබා ඉතිරි අන්නාසි වලට වතුර දමා යුෂ මිරිකා ගන්න. දොඩම් මිරිකා යුෂ ගන්න. පැෂන් පෘට් ද වතුර යන්තමින් දමා මිරිකා ගන්න. ලෙමන් මිරිකා ගන්න. දෙහිද යුෂ ගන්න. මේ හැම පලතුරක්ම මිරිකා ගැනීමට වතුර අඩුවෙන් භාවිතා කරන්න.

            ලොකු බෝල් එකකට මිරිකාගත් දොඩම්, දෙහි, නාරං, පැෂන් පෘට් පෙරා ගන්න. ඔරේන්ඡ් ක්‍රෂ් බෝතලයද එයට දමන්න. තැඹිලි හා සීනි එකතු කර ගෙන හොඳින් දිය කර ගන්න. ලුණු ද දමන්න. වීදුරැ වලට බීම දමා ඉතිරි කර ගත් අන්නාසි ස්වල්පය බැගින් හා අයිස් කැට 2 බැගින් දමා ාදහි පොත්තක් ගසා  සරසා ගන්න.

Amila &Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...