Saturday, October 10, 2015

100. තෙම්පරාදු පැස්තා එකක් හදා ගනිමු

තෙම්පරාදු පැස්තා එකක් හදා ගනිමු
--------------------------------

අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°°°°°
තලාගත් අමු ඉගුරැ තේ.හැ.1යි
තලාගත් සුදු ලුණු තේ.හැ1යි
සිහින්ව පෙති කපාගත් සොසෙජස් පෙති 150g
සිහින්ව කපාගත් ලොකු ලුණු ගෙඩි 1යි
දික් අතට කපාගත් කැරට් 100g
මාලු මිරිස් කරල් 1ක්
තක්කලි සොස් මෙ.හැ 2ක්
සිහින්ව කපාගත් ලික්ස් 100g
ගම්බිරිස් කුඩු
මිරිස් කුඩු
කහා කුඩු සහා අවශ්‍ය තරම් ලුනු කුඩ

සාදාගන්නා ආකාරය 
°°°°°°•°°°°°°°°°°°°°°°


මුලින් වතුර භාජනයක් ලිපේ තියලා වතුර රත් වු පසු එකට ලුණු ටිකක් හා තෙල් ටිකක් දමා හොදින් උණු කරන්න.
පසු පැස්තා ටික දමා තම්බා ගෙන වතුර ටික අයින් කර, නැවත වතුර ටිකකින් සෝදා ගෙන වතුර ටික හොදින් යන්න තියන්න.
දැන් භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වු පසු ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා බැදෙන්නට හරින්න.
දැන් එකට පෙති කපා ගත් සෝසෙජස් ටික දමා බැදෙන්නට හරින්න.
එකටම කපා ගත් ලුනු ටික දමා බැදෙන්නට හරින්න.
පසු එකට කපා ගත් කැරට් ටික හා කපා ගත් කැප්සිකන් ටික දමා ගන්න.
දැන් එකට රස අනුව ගම්මිරිස් කුඩු /මිරිස් කුඩු /කහ බොහොම ඇබින්දක් හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
පසු එකට සෝයා සෝස් ටිකක් දමා හොදින් මිශ්‍ර කර ගෙන ලික්ස් ටිකක් දමා ගන්න.
අන්තිමට තම්බා ගත් පැස්තා හා ටොමැටෝ සෝස් ටිකක් දමා හොදින් මිශ්‍ර කර ගන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...