මාළු ඇබුල් තියල් සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
· බල මාළු 500g
· ගොරකා 40g
· සුදු ළූණු 10g
· අමු ඉගුරු 10g
· ගම්මිරිස් කුඩු 10g
· මිරිස් කුඩු 10g
· රම්පෙ
· කරපිංචා
· සේර
· කරාබු නැටි
සාදන ක්‍රමය
පළමුව මාළු කැබලි වලට කපාගෙන හොදින් සෝදාගන්න. ඉන්පසු ගොරකා, සුදු ළූණු, ඉඟුරු අඹරාගන්න.එයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කුඩු කරගත් කරාබු නැටි දමා මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය මාළු වලට දමා රම්පෙ, කරපිංචා, සේර එකතු කර වතුර අවශ්‍ය ප්‍රමාණයට (වතුර අඩුවෙන් දමාගැනීමට මතක තබාගන්න) දමා පැයක් පමණ වේලා මදගින්නේ පිසගන්න.
Amila & Hashi