Sunday, October 4, 2015

85. කුරක්කං වැලිතලප සාදාගන්නා ආකාරය 

කුරක්කං වැලිතලප සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°

කුරක්කන් පිටි ග්‍රෑ200
කිතුල් පැණි මිලි 150
රතුසීනි ග්‍රෑ 20
සිහින්ව ගාගත් පොල්
පොල්කිරි ස්වල්පයක්
ලුණු අවශ්‍ය පමණට

සාදන ආකාරය
°°°°°°°°°°°°°°°°°

පළමුව කුරක්කන් පිටි, ලුණු හා පොල් කලවම් කොට වතුර ස්වල්පයක් ඉස ගන්න. ඉන්පසු ඉතා කුඩා පිටිකැට සාදා තැම්බුනාට පසු වෙනත් බදුනකට දමා පොල්කිරි ටිකක් වත්කර තබා නිවෙන්නට හරින්න. ඉන්පසු පැණි, සීනි, ලුණු භාජනයකට දමා ලිපෙහි හොදට රත්වන විට තම්බාගත් පිටි කැට කලවම් කරන්න. මෙය විටින් විට කලවම් කරගත යුතුයි. තලම ප්‍රමාණයේ පදමට එනවිට ලෑල්ලක දමා තුනීකර නිවෙන්නට හැර කෑලි කපාගන්න. ඉන්පසු ඔබට ඔබ විසින් සාදාගන්නා ලද රසවත් කුරක්කන් වැලිතලප වල රස බැලිය හැකිය.

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...