Sunday, October 4, 2015

86. බීෆ්‍ (හරක් මස්) කරිය සාදාගන්නා ආකාරය 

බීෆ්‍ (හරක් මස් කරිය සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍යඃ
°°°°°°°°°°°°°°°°°°°

හරක් මස් 500g
හීනියට කැපු ඵෑනු ගෙඩියක්
දෙකට පලාගත් අමුමිරස් කරල් දෙකක්
හීනයට කැපු තක්කලි ගෙඩියක්
පොඩියට කපාගත් සුදුඵෑනු බික් දෙක තුනක්
කරපින්ච කොල දෙක තුනක්/බේ කොලයක්
විනාකිරි තේහැදි දෙකක්
කහ කුඩුතේ හැන්දක්
මිරිස් කුඩු තේ හැන්දක්
කොත්තමල්ලි කුඩු තේ හැන්දක්
සුදුරැ කුඩු තේ හැදි කාලක්
කුරැදු පොත්තක් ( අගලක විතර)
කොත්තමල්ලි කොල ( වේලපු හරි අමු හරි පොඩියට කපල ගන්න)
ලුනු
ගම්මිරිස් කුඩු
තිකන් ක්‍රීම් මේස හැදි දෙකක්/ පොල්කිරි කෝප්ප කාලක්
එලවඵ තෙල් මේසහැදි දෙකක් විතර

සාදන අයුරැඃ
°°°°°°°°°°°°°°°°°

මස් හොදින් සෝදා කුඩා හතරැස් කෑලි වලට
කපාගන්න.
කහ කුඩු,මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු,සුදුරැ කුඩු එකටකලවම් කර පැතතකින් තියන්න.
ඵෑනු,අමුමිරිස් ,සුදු ඵෑනු,තක්කලි,කරපින්ච/බේ කොලයක්,කුරැදු පොත්තක්,ගම්මිරිස් කුඩු,විනාකිරි ,එලවඵ තෙල්, ලුනු යනසියල්ලම මස් සමග හොදින් කලවම් කර නන්ස්ටික් පෑන් එකකට දමා මද ගින්නේ බැදෙන්නට අරින්න.
විනාඩියක් දෙකක් පමන යනවිට මේ මිශ්‍රනයටම තුනපහ කුඩු සියල්ලම මිශ්‍රකර හැදිගාන්න.
විනාඩියක් පමන පහේ කුඩු බැදෙන්නට හැර සහ වතුර කෝප්ප කාලක් පමන එකතුකරන්න.
අන්තිමටම පොල්කිරි හෝ තිකන් ක්‍රිම් එකතුකර හැදිගා, හොද්ද නටන්නට හැර ලිපෙන් බාගන්න.
කොත්තමල්ලි කොල ( වේලපු හරි අමු හරි පොඩියට කපල ගන්න)උඩින් ඉසගන්න.

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

241. කුකුල්මස් බැදල කළුවට සාදාගන්නා ආකාරය

කුකුල්මස් බැදල කළුවට උයල. මෙහෙම හදල හරිම රසයි.වෙනසකටත් එක්ක හදල බලන්න.. අවශ්‍ය දෑ- *චිකන් 500-600g *බැදපු තුනපහ කුඩු තේ හැඳි 2ක් *ගම්මිරිස් ...