Thursday, October 1, 2015

73. කරවිල වලින් අච්චාරු සාදාගන්නා ආකාරය

කරවිල වලින් අච්චාරු සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය : 

කරවිල ගෙඩි 4ක්, වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉගුරු අවුන්ස ½, විනාකිරි අවුන්ස ¼, පොල්තෙල් , ලුනු.

සාදන ක්‍රමය :



කරවිල වල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න. මෙ‍කෙරවිල පෙති විනාකිරෙන් ලිප මත තබා තැම්බෙන්නට හැර පොල්තෙලෙන් රන්වන් පාට වනතුරු බැද ගන්න. වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉගුරු අවුන්ස ½, විනාකිරෙන් අබරන්න. ඒවා උකු ගතියෙන් වැඩිනම් ඉතිරි විනාකිරි වලින් ඒ ද්‍රව්‍ය එක්කොට මදක් දියකරගන්න. පලමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිල වලට මෙම මිශ්‍රනය එක්කොට හොදින් කලවම් කරගන්න. දින කිහිපයක් වුවද තබාගෙන ආහාරයට ගත හැකිය.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...