Thursday, October 1, 2015

74. එළු මස් කොෆ්ටා කරිය පහසුවෙන් සාදාගන්නා ආකාරය

ඉතාම රසවත් එළු මස් කොෆ්ටා කරිය පහසුවෙන් සාදාගන්නා ආකාරය



අවශ්‍ය ද්‍රව්‍ය

එළුමස් කිලෝ 1
ලොකුළූණු ග්‍රෑ 100
නෝකෝල් ග්‍රෑ 200
තක්කාලි ග්‍රඋ 200
විනාකිරි කෝප්ප 1/2
ගම්මිරිස් කුඩු ග්‍රෑ20
බැදපු තුනපහ ග්‍රෑ20
මිරිස් ක්‍රඩු ග්‍රෑ 20
පොල්කිරි කෝප්ප 2
ඉගුරු හා සුදු ළූණු ග්‍රෑ 20 බැගින්
සැල්දරි කොළ ග්‍රෑ50
කරපිංචා රම්පේ හා කහකුඩු ස්වල්පය බැගින් 
තෙල් කෝප්ප 2
ලුණු රස අනුව

සාදාගන්නා ආකාරය

ප්‍රථමයෙන් මස් බැදගන්න. එළුමස් අගල් 1/2 පමණ කොටු කපා ලුණුද ඒ ආකාරයෙන්ම කොටු කපාගන්න. තක්කාලිද කොටු කපාගන්න. දැන් භාජනයක් ලප තබා තෙල් තේ හැදි 4ක් පමණ එකතුකර රත්වූ විට කපාගත් නෝකෝල්, ළූණූ, රම්පේ, කරපිංචා දමා බැදෙන්නට හරින්න. බාගෙට බැදෙන විට පොල්කිරි හා විනාකිරි හා අනෙක් සියල්ලද එකතු කරගන්න. දැන් රස අනුව ලුණු එකතු කරන්න. දැන් නටන කරියට බැදගත් මස් කැබලි දමා කලවම් කරගන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...