Friday, October 9, 2015

94. කොස් මැල්ලුමක් සාදාගන්නා ආකාරය

කොස් මැල්ලුමක් සාදාගන්නා අයුරු විමසා බලමු.



අවශ්‍ය දේ –
°°°°°°°°°°°°°°°°°°°

හොඳින් පැසුණු කොස්  මදුළු – 25
කොස් ඇට – 25
පොල් ගෙඩි 1/4
කහ තේ හැඳි 1/2
කුරුඳු අඟල් 2
අබ තේ හැඳි 1
අමුමිරිස් හෝ කොච්චි කරල් 3
සුදු ළූණු බික් 5
රතු ළූණු ගෙඩි 4
අමු ඉඟුරු කැබලි අඟල් 1/2
ගම්මිරිස් තේ හැඳි 1/2
ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය
°°°°°°°°°°°°°°°°°°°°°°°°°
කොස් මදුළු සෝදා ඇට ඉවත් කර මදුළු සිහින්වට කපා ගන්න.කොස් ඇට ද තලා පොතු හැර සෝදා ගන්න.භාජනයකට වතුර කෝප්ප 1 1/2 ක් පමණ සහ ලුණු ස්වල්පයක් පමණ දමා තැම්බෙන්නට හරින්න.කහ,අමු මිරිස්,සුදු ළූණු,අබ,කුරුඳු,රතු ළූණු ගම්මිරිස්  අමු ඉඟුරු ලුණු ස්වල්පයක් ද දමා එකට අඹරා හෝ තලා ගන්න.ඊට පොල් ද එකතු කර වංගෙඩියේ දමා කොටා ගන්න.වතුර සිඳෙන තෙක් තැම්බුණු කොස් ව්‍යංජනයට පොල් මැල්ලුම දමා හොඳින් කළවම් කරන්න.ස්වල්ප වේලාවක් තබා තැම්බෙන්නට හැර ලිපෙන් බා ගන්න.

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...