Monday, October 5, 2015

93.  යන්ග් චව් ෆ්‍රයිඩ් රයිස් සාදාගන්නා ආකාරය 

 යන්ග් චව් ෆ්‍රයිඩ් රයිස් සාදාගන්නා ආකාරය 



අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°°
පොතු ඉවත් කර ගත් ඉස්සන් 100g
කුකුල් මස් 50g
පිසගත් බාස්මතී බත් 500 g
බිත්තර 4 තම්බාගත්
 ග්‍රීන් පීස් 10g 
කුඩාවට කපන ලද බට්න් හතු 10g
රසකාරක තේ 1/2 tsp
 සුදු ගම්මිරිස් කුඩු 2tsp
ලුණු රස පදමට
කොන්පිටි 1 tsp
සෙසමි තෙල් 1/4tsp
ළුණු කොළ 10g
කෝන්තෙල් අවශ්‍ය තරම්


සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°°°°

             ඉස්සන් හා කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරැ ටිකක් දමා මිශ්‍රකර තබන්න. ඉන්පසු සාස්පානක් ලිප තබා කෝන්තෙල් ටිකක් දමා රත්වූ විට මිශ්‍ර කර තැබූ දෑ එයට දමා ගෙන හොදින් මිශ්‍ර කර ගනිමින් විනාඩි කිහිපයක් උයා ගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, බට්න් හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම උයා ගන්න. පසුව එයට පිසගත් බත්, රසකාරක, සෙසමි තෙල්, කුඩාවට කැපූ ළුණු කොළ එකතු කර හොදට මිශ්‍ර කර මදගින්නේ විනාඩි කිහිපයක් පිස ගන්න. පසුව ලිපෙන් බා ආහාරයට ගන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...