Friday, October 9, 2015

95. කලු පොල් සම්බොලය සාදාගන්නා ආකාරය

කළු පොල සම්බොලයක් සාදාගන්නා ආකාරය 
දේශීය කෑම වර්ග වලට මුල් තැනක් දෙමින් අද අපි හෙළ ආහාර යටතේ කළු පොල් සම්බෝලයක් සාදාගන්නා ආකාරය පිළිබඳව කතාබහ කරමු.


අවශ්‍ය ද්‍රව්‍ය :
°°°°°°°°°°°°°°°°°°°°°

ගා ගත් පොල් පළුවක්
මිරිස් කරල් 10
රතු ළූණු ගෙඩි 8
සුදු ළූණු බික් 1
ගම්මිරිස් ඇට 5
උම්බලකඩ කුඩු මේස හැඳි 1
දෙහි සහ ලුණු ස්වල්පය බැගින්

සාදාගන්නා ආකාරය
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

පළමුව පොල් කබලට දමා මදක් කළු පැහැයට හැරෙන තෙක් හොඳින් කර කරගන්න.ඊට පසු අනෙක් සියළුම ද්‍රව්‍ය එකට දමා ගලේ හොඳින් අඹරා ගන්න.හීනියට ඇඹරුණු පසු භාජනයකට දමා සියල්ල හොඳින් කලවම් කරන්න.දෙහි සහ ලුණු අවශ්‍ය පමණට දමා හොඳින් කලවම් කරගන්න

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...