Monday, October 5, 2015

92. ස්පැගටි විත් සෝස් සාදාගන්නා ආකාරය 

ස්පැගටි විත් සෝස් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°° 
එළවලු තෙල් මේස හැදි 2
ළුණු ගෙඩි 1ක් කෑලි කපා
 ගෙනසුදුළුණු බික් 2 චොප් කර ගෙන
කෑලි මිරිස් හෝ මිරිස් කුඩු රස පදමට තේ හැදි 1/4
කරට් කෑලි කපා ගෙන
සැල්දිරි කෑලි කපා ගෙන
බ්ලෙන්ඩර් කර ගත් කුකුල් මස් 375g
කිරි කෝප්ප 1
ලුණූ තේ හැදි 1
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
තක්කාලි පේස්ට් කෝප්ප 1/4
තක්කාලි ගෙඩි 2 - 3ක් (ඉස්ම)
චොප් කර ගත් පාස්ලි මේස හැදි 3

සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°°°°°
                   භාඡනයක් ලිප තබා තෙල් දමා රත් කර ගන්න. එයට ළුණු, සුදුළුණු, කෑලි මිරිස්, කැරට්, සැල්දරි හා මස් ද දමා ගෙන මිශ්‍ර කර ගනිමින් පිසින්න. පසුව විනාඩි 10කින් එයට කිරි එකතු කර ගන්න. කිරි ඉතිරෙනකම් තබා පසුව එයට ලුණු, ගම්මිරිස්, තක්කාලි පේස්ට්, තක්කාලි වල ඉස්ම සමග දමා ගෙන ගින්දර අඩු කර එය වසා නොගෙන එය උකු ද්‍රාවණයක් වෙනකම් ලිපේ තබන්න. විනාඩි 30ක් පමණ. අවසානයේ පාස්ලි එකතු කර ගෙන ලිපෙන් බා ගන්න. 
                     පසුව මේව ස්පැගටි සමග මිශ්‍ර කර ගෙන ගාගත් පාමසාන් චීස් සමග පිළි ගන්වන්න.

Amila &Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...