Wednesday, September 30, 2015

71. මාෂ්මෙලෝ පුඩිම සාදාගන්නා ආකාරය

මාෂ්මෙලෝ පුඩිම


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°`` 
පාට තුනකින් මාෂ්මෙලෝ ග්‍රෑම් 250
ටෝස්ට් කරගත් කජුමද ග්‍රෑම් 50
වියළි මිදි ග්‍රෑම් 50, පුහුල් දෝසි ග්‍රෑම් 50
කස්ටඩ් පවුඩර් ග්‍රෑම් 40, කෝන්පිටි මේස
හැඳි 2, කිරි බෝතල් 1යි, සීනි ග්‍රෑම් 100
ස්ටේ‍රා්බෙරි එසෙන්ස් තේ හැඳි 1

සාදන ආකාරය 
°°°°°°°°°°°°°°°°°°
මාෂ්මෙලෝ කුඩා කොටුවලට කපාගන්න. පුහුල් දෝසි ද ඒ තරමටම කොටුවලට කපාගන්න. කිරි, සීනි, ළිප තබා හැඳිගාමින් රත්කරන්න. කස්ටඩ් පවුඩර් ටික ඇල්වතුර ටිකක දියකර මෙයට එකතු කරන්න. කෝන්පිටි ටිකද ඇල්වතුර ටිකකින් දියකර එකතු කරන්න. උකුවේගෙන එන විට බිමට බාන්න. එසෙන්ස් දමන්න. නිවෙන්නට හරින්න. දැන් බඳුනක් ගෙ කපාගත් මාෂ්මෙලෝ තට්ටුවක් දමන්න. ඒ මතට පුහුල්දෝසි ටික දමන්න. වියළි මිදි ටික දමන්න. දැන් හොඳින් නිවුණු කිරි කස්ටඩ් මිශ්‍රණය උඩින් වත්කරන්න.

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...