Wednesday, September 30, 2015

70. බිම්මල් කරිය සාදාගන්නා ආකාරය​

බිම්මල් කරිය සාදාගන්නා ආකාරය​




අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°°°
​* බිම්මල් ග්‍රෑම් 200ක්
* ලොකු ළූණු ගෙඩි 2ක්
* සුදු ළූණු බික් 4ක්
* කුඩා ඉඟුරු කැබැල්ලක්
* කරපිංචා අවශ්‍ය පමණට​
* මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 2ක්
* උකු පොල් කිරි කෝප්ප 1ක්
* කහ කුඩු තේ හැඳි 1/4
* තුනපහ කුඩු තේ හැඳි 1/2
* මිරිස් කුඩු තේ හැඳි 1/2
* අවශ්‍ය පදමට ලුණු



සාදාගන්නා ආකාරය
°°°°°°°°°°°°°°°°
​* බිම්මල් ජලය දමා සෝදා හීන් තීරු වලට ඉරාගන්න​.
* ළූණු , සුදු ළූණු , ඉඟුරු , තක්කාලි , කරපිංචා සිහින්ව ලියා ගන්න​.
* භාජනයක් ගෙන එයට තක්කාලි හැර ඉහත සඳහන් ද්‍රව්‍ය සියල්ල දමා උකු පොල්කිරි ටිකද දමා ලිප තබා ගන්න​.
* ලිපෙන් බාගැනීමට මොහොතකට කලින් තක්කාලි ටික දමා මඳ ගින්නේ ටික වේලාවක් තබා ලිපෙන් බාගෙන ආහාර වේලාවට කෑමට ගන්න​.


Amila &Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...