Monday, October 26, 2015

121. බිම්මල් බැදුම සාදාගන්නා ආකාරය​

බිම්මල් බැදුම සාදාගන්නා ආකාරය​



අවශ්‍ය ද්‍රව්‍ය​* බිම්මල් ග්‍රෑම් 200ක්
* ලොකු ළූණු ගෙඩි 2ක්
* තලාගත් සුදු ළූණු බික් 2ක්
* කරපිංචා අවශ්‍ය පමණට​
* මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 2ක්
* කහ කුඩු තේ හැඳි 1/4ක්
* කෑලි මිරිස් කුඩු තේ හැඳි 1ක්
* අවශ්‍ය පදමට ලුණු
* මාලු මිරිස් කරල් 3ක්
* තෙල් මේස හැඳි 2ක්

සාදාගන්නා ආකාරය​* බිම්මල් ජලය දමා සෝදා හීන් තීරු වලට ඉරාගන්න​.
* ඉන්පසු බිම්මල් ටික හොදින් තෙත මිරිකාගෙන කහ කුඩු, ලුණු, කෑලි මිරිස් එයට දමා මිශ්‍ර කරගන්න​.
* ළූණු , තක්කාලි , මාලු මිරිස් කරල්‍ රවුමට පෙති කපාගන්න.
* භාජනයක් ගෙන එයට තෙල් දමා රත් වූ පසු තලාගත් සුදු ළූණු , කරපිංචා සහ ලොකු ළූණු ටික එයට දමාගන්න​.
* මිශ්‍ර කරගත් බිම්මල් ලිපෙහි තබාගත් භාජනයට දමා එයටම රවුමට පෙති කපාගත් මාලු මිරිස් ද දමා හොදින් මිශ්‍ර කර ටික වේලාවක් එය තැම්බීම සඳහා පියනකින් වසාගන්න​.
* ලිපෙන් බාගත් පසු තක්කාලි ටික දමා හොදින් මිශ්‍ර කර මඳ වේලාවක් පියනෙන් වසා තබා ආහාරයට ගන්න​.

Amila & Hashi
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...