ලොව වටා බිම්මලට ඇති ඉල්ලුමක්
ලොව පුරා බොහෝමයක් රටවල අනාදිමත් කාලයක සිට බිම්මල් ආහාරයට ගෙන තිබෙන බව ඉතිහාසය හෙළිකරයි.බිම්මල් වගාව සාර්ථකව කෙරෙන රටවල් අතර ජපානය සහ චීනය හිමිකරගන්නේ ප්‍රමුඛස්ථානයකි.
ජපානයේ එක්තරා ආකාරයක හතු යුද්ධයක් තිබේ යැයි තතු දන්නෝ පවසනුයේ එලෙසිනි.ආහාරයට ගත හැකි හතු වර්ග දැන් ජපානයේ අවුරුද්ද පුරාම මිලට ගත හැකියි.ගස්වල කොළ හැලෙන කාලය උදා වූ විට ජපානයේ කෑම මේසය බිම්මල් වැනි ස්වාභාවික ආහාරයඞෙන් පිරී යයි.මෙහිදී හතු හදුන්වනු ලබන්නේ කෑම මේසයේදීම පිසෙන ආහාරය වශයෙනි.මස් , මාළු හෝ එළවළු කැබලි මිශ්‍ර කර පිසිනු ලබන බත් ආහාරයට ගැනීමේදී පළමුව එහි තිබෙන හතු කැබලි සොයා රස බැලීම ජපන් ජාතිකයාගේ පුරුද්දකි.
ජපානයේ නගාතෝ නගරයේ ජොෂී උයනේ එක් කෙළවරක මවිත වනු ලබන හතු ලෝකයක් වෙයි.
චීන ජාතිකයාද ජපන් ජාතිකයා මෙන් විවිධ හතු වර්ග, හතු වයින් වර්ග සාදයි.චීනයේ ප්‍රධාන පෙළේ හෝටල් සහ අවන්හල් වල සෑම කෑමකම වගේ හතු වලින් සාදන කෑම බීම පිරී ඉතිරී යයි.
අධිරාජ‍්‍යවාදී යුගයේදී රෝමයේ ඇතැම් පිරිස් හතු ආහාරයට ගැනීම සැලකුවේ අධිරාජ්‍යවාදීන්ට පමණක් උරුම ආහාරයක් ලෙසින් බවද කියවේ.සාමාන්‍ය පොදු ජනතාව හෝ කම්කරු ජනතාව හතු ආහාරයට ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් කොට සැලකූ කාලයක්ද තිබුනු බව සඳහන් වෙයි.
Amila & Hashi