Sunday, October 25, 2015

119. ෆිෂ් කේක් සාදාගන්නා ආකාරය


ෆිෂ් කේක් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°

තෝර මාළු හෝ පරව් මාළු 350g (මාළු වල මස් ටික පමණක් ගෙන කෑලි වලට කපා ගන්න)
බිත්තර සුදුමද 2
ඉගුරැ තේ හැදි 2
කොත්තමල්ලී කොළ මේස හැදි 2
හාල් පිටි මේස හැදි 3
ලුණු තේ හැදි 1
ගම්මිරිස් කෑලි තේ හැදි 1
සුදුළුණු බික් 2 (කුඩාවට කපා ගෙන)


සාදන අන්දම
°°°°°°°°°°

            මාළු පොඩියට කප‍ පසෙකින් තබා ගන්න. බිත්තර සුදුමද 2 මද වශයෙන් ගසා පසෙකින් තබා ගන්න. පොඩියට කපා ගත් ඉගුරැ, සුදුළුණු, කොත්තමල්ලී කොළ, මාළු, හාල් පිටි, ලුණු, ගම්මිරිස් හොදට කලවම් කර ගන්න. පෑන් එකක් ලිප තබා තෙල් ටිකක්දමා සාදාගත් ෆිෂ් කේක් මිශ්‍රණයෙන් ටික ටික ගෙන බර්ගර් හැඩයට සාදා ගෙන බැදෙන්න හරින්න. බැදුනාට පස්ව ලිපෙන් බා කෑමට ගන්න. දෙහි සමග පිළිගන්වන්න.
 Amila & Hashi
මෙම වට්ටොරැව තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...