Thursday, October 22, 2015

118. සැර මස් කරි සාදාගන්නා ආකාරය 

සැර මස් කරි සාදාගන්නා ආකාරය




අවශ්‍ය ද්‍රව්‍ය

අඹරාගත් සුදුළුණු බික් 1
හීනියට කපාගත් ළුණු ගෙඩි 1
තුනපහ කුඩු මේස හැදි 2
මිරිස් කුඩු මේස හැදි 1
කපාගත් මස් 500g
අඹරාගත් ඉගුරැ තේ හැදි 1
චට්නි මේස හැදි 1
වෙඡිමයිට් හෝ මාමයිට් මේස හැදි 1
ඇපල් යුෂ කෝප්ප ¼
කෝන්ෆලවර් තේ හැදි ½


සාදන අන්දම

            තාච්චියක තෙල් ස්වල්පයක් දමා රත්වුනු පසු සුදුළුණු, මිරිස් හා තුනපහ කුඩු දමා ළුණු මෙලෙක් වන තෙක් බැදගන්න. මස් ටික ටික දමා බැදෙන්න හරින්න. ඉන්පසු ඉගුරැ ද එක්කර බැදගන්න. හොදට බැදුන පසු සියළුම ද්‍රව්‍ය දමා හැදිගාන්න. තරමක් උකු වුණාට පසු ලිපෙන් බාන්න.
Amila & Hashi
මෙම  තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...