Thursday, October 15, 2015

110. මාළු කට්ලට් සාදාගන්නා ආකාරය 

මාළු කට්ලට් සාදාගන්නා ආකාරය 



අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°
සැමන් ටින් 1ක්
කුඩාවට කැපූ බී ළුණු ගෙඩි 1
කුඩාවට කැපූ අමු මිරිස් කරල් 3
අල රාත්තල් ½
පොල් තෙල් බෝතල් ½
කරපිංචා ඉති 3-4 ක්
දෙහි ගෙඩි ½
බිත්තර 1
බිස්කට් කුඩුලුණු 
ගම්මිරිස් කුඩු රස පදමට

සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°°°°°

            අල තම්බා පොතු හැර ගෙන පොඩි කර ගන්න. පසුව සැමන් ද ගෙන පොඩි කර ගන්න. කුඩා කෑලි වන ලෙස, පසුව කෙල් තේ හැදි 2ක් ලිප තබා එයට මධ්‍යම ප්‍රමාණයට රත් වු පසු ළුණු, අමු මිරිස් හා කරපිංචා කොළ දමා ඒවා රන්වන් පැහැ වනතුරැ බැද ගන්න. දැන් එයට මාළු එකතු කර විනාඩි 3 – 5 ත් අතර දමා ගෙන පසුව පොඩි කර ගත් අල හා ලුණු, ගම්මිරිස් කුඩු එකතු කර ගන්න. පසුව එය ලිපෙන් බා ගෙන එයට දෙහි යුෂ එක් කරන්න. එය හොදින් මිශ්‍ර කඑ ගන්න. දැන් බිත්තරයක් කඩා භාඡනයකට දමා ගන්න. බිස්කට් කුඩු වෙන පීරිසියකට දමා ගන්න. පසුව පළමු මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න. බිත්තර සාරැ වල දවටා බිස්කට් කුඩු තවරා රන්වන් පැහැ වෙනතුරැ ගැඹුරැ තෙලේ බැද ගන්න.

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...