Thursday, October 15, 2015

109. රසම රස ලසඥ්ඥා සාදාගන්නා ආකාරය

රසම රස ලසඥ්ඥා හදමු...
ඉතාලිය කියන්නෙ ලසඥ්ඥා වල නිජ බිම. මෙහෙ ලසඥ්ඥා වර්ග කීපයක් තියෙනවා. මම හෑදුවෙ මීට් සෝස් වලින් හදපු ලසඥ්ඥා එකක්. නොදන්න අයට බලා ගන්න ඔන්න දෑම්මා හදපු විදිය...


අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°°°°
බාගෙට තම්බාගත් ලසඥ්ඥා පාස්තා 500g
අබරාගත් මස් 200g
සිහින්ව කපාගත් මොසරෙල්ලා 200g
තලගත් ඉගුරැ සහ සුදු ලුණු  තේ හැන්ද බැගින්
අමු මිරිස් කරල් 2ක්
කැලි මිරිස් තේ හැන්දක්
ගම්බිරිස් කුඩු සුවල්ප 
බටර් 200g
පාන්පිටි 100g
කිරි 100ml
චිස් කුඩු 50g
කැමතිනම් චිස් ටිකක්

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°°°°°°°

මුලින්ම සාස්පානක් ලිප තබා තලා ගත් ඉගුරු සුදුලූනු, සිහින්ව ලියා ගත් ලූනු, අමු මිරිස් තෙම්පරාදු කර ගන්න.මෙයටම කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කර ගන්න.දෑන් මෙයට අඹරා ගත් මස් ටිකක් එකතු කර ගන්න. තරමක් තෙම්පරාදු උනාට පසු තක්කාලි සෝස් ටිකක් වෑඩිපුර එකතු කර ගන්න.ඉන්පසු මෙය පියනකින් වසා අඩු ගින්දරේ පෑය දෙකක් පමණ වෙලා හොදින් තම්බා ගන්න.අන්තිමට රස අනුව ලුනු එකතු කර ගන්න.
දෑන් බෙෂමල් සෝස් එක සාදා ගෑනීම සදහා මුලින්ම සාස්පානක් ලිප තබා බටර් ටිකක් රත් කරන්න.ඉන්පසු එයට පාන් පිටි ටිකක් එකතු කර ගන්න. බටර් ගත්ත ප්‍රමාණයෙන්ම. මෙය කෑටි ගෑසෙන්නට නොදී හොදින් කලවම් කරන්න. දෑන් මෙයටම කිරි ටිකෙන් ටික එකතු කරමින් හොදින් මිස්‍ර කර ගන්න.
කෑටි ගෑසෙන්නට දෙන්න එපා. අන්තිමට ලුණු ඉතාම ස්වල්පයක් එකතු කර ගන්න.
*****අවන් එකට දෑමීමට සුදුසු තෑටියක් ගෙන එහි බටර් තවරා ඉන්පසු මුලින්ම මීට් සෝස් තට්ටුවක් අතුරා ගන්න.
*****ඉන්පසු ඒ මත සිහින්ව ලියාගත් මොසරෑල්ලා චීස් තට්ටුවක් අතුරා, ඒ මත ලසඥ්ඥා තට්ටුවක් අතුරා ගන්න
*****මේ අකාරයට තෑටියේ උස ප්‍රමාණයට අනුව තට්ටුවෙන් තට්ටුව අතුරා ගන්න.
*****අන්තිමට මතුපිට හොදින් වෑසී යන සේ කලින් සාදාගත් බෙෂමල් සෝස් එක වක් කර ගන්න. ඉන්පසු ඒ මතුපිට සිහින්ව ලියා ගත් මොසරෑල්ලා චීස් තට්ටුවක් අතුරා ගන්න. මම නම් තව ගාගත් චෙඩා චීස් ටිකකුත් එකතු කලා... එතකොට රසයි ලස්සනයි...
****දෑන් මෙය සෙල්සියස් 200 ට රත් කර ගත් අවන් එකට දමා විනාඩි 30 ක් 40 ක් පමණ වෙලා බේක් කර ගන්න. මෙන්න මේ විදියට..

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...