Thursday, October 15, 2015

 108. අල තෙල් දැමීම පහසු ආකාරය

 අල තෙල් දැමීම පහසු ආකාරය



අවශ්‍ය ද්‍රව්‍ය:-
°°°°°°°°°°°°°°°°°
 අල ග්‍රෑම් 500 යි
රතු ළූණු ගෙඩි 8 යි
අමු මිරිස් කරල් 4 යි
මිරිස් කුඩු මේස හැඳි 2 යි
 උම්බලකඩ කුඩු මේස හැඳි 2 යි
 කහ කුඩු සුවල්පයක්
 රම්පෙ, කරපිංචා
පොල් තෙල් මේස හැඳි 1 1/2 යි
 ලුණු සහ දෙහි

සාදන ක්‍රමය:-

☻ අංක01.
අල සෝදා තම්බාගන්න. පසුව පොතු ඉවත්කර කුට්ටි කපාගන්න. රතුළූණු සහ අමු මිරිස් සිහින්ව ලියාගන්න. මිරිස් කුඩු, උම්බලකඩ කුඩු, කහ, රම්පෙ, කරපිංචා, ලියාගත් රතුළූණු සහ අමු මිරිස් සමග පදමට ලුණු සහ දෙහි එක්කර අල කැබැලි වල හොඳින් තැවෙරෙන සේ වතුර ස්වල්පයකින් අනාගන්න. ඇතිලියකට තෙල් දමා ලිප තබා නටන විට අල මිශ්‍රණය දමා හොඳින් පෙරළමින් සුවඳ හමන තුරු බැදගන්න.
☻ අංක02.
(සමහරු ළූණු, අමු මිරිස්, කරපිංචා, උම්බලකඩ තෙම්පරාදු කර එයට කහ, කෑලි මිරිස්, ලුණු අත ගෑ අල (තම්බා ගත් අල) එකතු කොට මද ගින්නේ පිස ගනී.)
☻ අංක03.
මුලින්ම අල පොතු හැර තරමක කැබලි වලට කපා ගන්න. පසුව ළූණු සිහින්ව ලියා ගන්න. අමු මිරිස් දෙකට පලා ගන්න. තෙල් ටිකක් ලිප තබා එයට අබ සුවල්පයක් දමා අබ ටික පුපුරවා ගන්න. දැන් එයට ළූණු, කරපිංචා, එකතු කොට තරමක් රන්වන් පැහැය එනතුරු තෙම්පරාදු කරගන්න.
කැබලි කපා ගත් අල වලට කහ, කෑලි මිරිස්, උම්බලකඩ, ලුණු එකතු කොට හොදින් අත ගා සාදා ගත් තෙම්පරාදුවටම එකතු කරගන්න. (සියල්ලම හොදින් කලවම් කර ගන්න.) 
දැන් පියන වසා මඳගින්නේ පිස ගන්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක්ද එකතු කරන්න. අඩිය ඇල්ලීමට හැකි බැවින් අල මිශ්‍රණය හොඳින් පෙරළමින් කලවම් කරන්න.
අල තැම්බී ඇද්දැයි බලා ලිපෙන් බා මේසයට පිළිගන්වන්න.

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...