Monday, October 12, 2015

103. එලවලු සැන්වි සාදාගන්නා ආකාරය 

එලවලු සැන්වි සාදාගන්නා ආකාරය 


අවශ්‍ය  දැ
°°°°°
පාන් පෙති 4 ක්
තම්බාගත් අර්තාපල් 4 ක්
සිහින් ව කපාගත් ළුණු ගෙඩි 1 ක්
සිහින් ව කපාගත් තක්කාලි ගෙඩි 1 ක්
සිහින් ව කපාගත් මාළු මිරිස් ගෙඩි 1 ක්
රතු මිරිස් කුඩු තේ හැන්දි 1/2 ක්
කහ කුඩු තේ හැන්දි 1/2 ක්
රස අනුව ලුණුසිහින් ව කපාගත් අමු මිරිස් තේ හැන්දි  2 ක්
සිහින් ව ගාගත් ඉගුරු තේ හැන්දි  2 ක්
සිහින් ව කපාගත් කොත්තමල්ලී කොළ තේ හැන්දි 2 ක්
නොගැඹුරු බැදීම සඳහා තෙල්

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°°°°°°°

බදුනක් ලිප තබන්න.ගින්දර මදව දමන්න.රත් වු බදුනට තෙල් එකතු කරන්න.පසුව එයට අල,ළුණු,අමු මිරිස්,මාළු මිරිස,ඉගුරු,රතු මිරිස්,කහ කුඩු එකට දමා විනාඩි 6 ක් පමණ වෙලා පිස ගන්න.පසුව තක්කාලි සහ කොත්තමල්ලී කොළ එකතු කරන්න.එයටම රස අනුව ලුණු එකතු කරන්න.පසුව විනාඩි 3 ක් තබා බාගන්න.

                            පසුව පාන්පෙති ගෙන එයට සදාගත් මිශ්‍රණය ගා ගන්න.ඔබේ රසවත් සැන්විච් එක රසවිදින්න.

                                 
Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...