Monday, October 12, 2015

102. දෙල් බැදුම් තෙම්පරාදුවක් සාදාගන්නා ආකාරය

දෙල් බැදුම් තෙම්පරාදුවක් 


අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ගෙඩි 01
ලුණු ස්‌වල්පයක්‌
තෙල් මිලිලීටර් 100
තක්‌කාලි ගෙඩි 01
ලොකු ලූනු ගෙඩි 01
මාළු මිරිස්‌ කරල් 02
කැබලි මිරිස්‌ තේ හැඳි 1
කරපිංචා ඉත්තක්‌
තලාගත් සුදු ලූනු බික්‌ 02
තලාගත් ඉඟුරු කැබැල්ලක්‌
විනාකිරි ස්‌වල්පයක්‌
මිරිස්‌ කුඩු තේ හැඳි 1

සාදන ක්‍රමය

පළමුව දෙල් ගෙඩිය හීනි පෙතිවලට කපාගන්න. ඉන් පසු ලුණු ස්‌වල්පයක්‌ දමා ලුණු දෙල් පෙති වල ගෑවෙන සේ අත ගා, ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසු තක්‌කාලි ගෙඩිය කපාගන්න. ලොකු ළුණු ,හා මාලු මිරිස්‌ ද සිහින්ව කපන්න. තෙල් ස්‌වල්පයක්‌ ලිප තබා සුදු ළුණු හා තලාගත් ඉඟුරු බදින්න. එයට කරපිංචා, තක්‌කාලි කැබලි, මිරිස්‌, විනාකිරි ,වතුර කෝප්ප 1/4 ක්‌ දමා කලවම් කර රත්වන්න හරින්න. දැන් බැදගත් දෙල් ද දමා හොඳින් මිශ්‍ර කරන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...