Saturday, September 19, 2015

26. පාස්තා අලුත් ක්‍රමයට සාදාගන්නා ආකාරය

පාස්තා අලුත් ක්‍රමයට සාදාගන්නා ආකාරය 

පස්ටා අලුත් විදියකට හදමු....

මෙක මම හිතලා හදපු එකක්...ඊත් නැගලා ගියා ...හැමෝම ආසවෙන් ලන්කවෙ රසට කන කෑමක්...

පස්ටා 900ගg 1 pkt තම්බා වතුර පෙරා පැත්තකින් තියනන.
බේක් කර පොඩියට කපා ගත් කටු හම අඉන් කල චිකන් බ්‍රෙස්ට් 2
පස්ටා සෝස් 1 කෑන්
පාට 4 ක් පෙපර් කොටු කපා ගන්න.
සුදු ලූනු පේස්ට් මේස හැදි 3 ක්
චිකන් බ්‍රෝත් 1 කෑන් හෝ චිකන් බේක් කරන විට ට්‍රේ එකේ ඉතිරි වන වතුර ටික අධිශීතකරනයේ එකතු කර ගන්න.
තන්දූරි පේස්ට් තේ හැදි 1
ලුනු
මිරිස් කුඩු මේස හැදි 2 හො කැමති ප්‍රමානයක්
කෙචප්
බාබකිව් සෝස්
සුරාචා හොට් සෝස්
සීනි



මුලින්ම භාජනයක් ලිපේ තියා තෙල් පොඩ්ඩක් දාන්න
තෙල් රත් වන විට සුදු ලූනු දාන්න.
එය රන්වන් පාට වන විට කපා ගත් චිකන් දාන්න.
විනාඩි කීපයකින් සීනි මේස හැදි 2 දාන්න.
එය දිය වූ විට තන්දූරි පව්ඩර්,මිරිස් කුඩු දන්න.
දැන් සියලුම සෝස් වර්ග (පස්ටා සෝස් එක හැර )දමා,ලුනු දමා හොදින් මිx කරන්න.
මෙය විනාඩි 7 ක් විතර ලිපේ තියෙන්න හරින්න.
පසුව චිකන් බ්‍රෝත් හෝ(මම නම් හැමදාම චිකන් බේක් කරන විට ට්‍රේ වල එතිරි වන වතුර මිx එක එකතු කරනවා..එය අධිශීතකරනයේ තියනවා..ඕන වෙලාවට මයික්‍රෝ එකට දාලා ගන්නවා .චිකන් බ්‍රෝත් එකට වඩා මෙ මිx එක හරිම රසඉ පාටයි.)මිx කර එය හොදින් නටන්න දෙන්න.
පස්ටා සෝස් එක දාන්න.
ලුනු බලන්න.
අන්තිම විනාඩියේ කපා ගත් පෙපර් දමා ලිප වහන්න.
එය තමබා ගත් පස්ට මිx එකට එක් කරන්න.
හොදින් මිx කරන්න.
මෙය විනාඩි 30 ක් එලියේ තියන්න හොදින් පාට අල්ලා ගන්න තුරු...
පසුව උඩින් නැවත වරක් කෙචප් දමා මිx කර කෑමට ගන්න.
සතියක් විතෙර් ෆ්‍රිජ් එකෙ තෙය් ගෙන කන්න පුලුවන්...
හරිම රස කෑමක්...

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...