Sunday, September 20, 2015

27. පළතුරු කේක් සාදාගන්නා ආකාරය

පළතුරු කේක් සාදාගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය :

පිටි ග්‍රෑම් 500
සිනි ග්‍රෑම් 500
බටර් ග්‍රෑම් 500
සුල්තානා ග්‍රෑම් 250
චෙරිස් ග්‍රෑම් 250
කරන්ට් ග්‍රෑම් 100
කජු මද ග්‍රෑම් 100
බිත්තර 8
බ්‍රැන්ඩි මේස හැදී 3
කිරි,ලුණු හා වියළි ඇපල් ලෙලි ස්වල්පය බැගින්

සාදන ක්‍රමය

බටර් හා සිනි හොදින් දියවන තුරු එකට හැදී ගන්න.ඉන්පසු බ්‍රැන්ඩි දමා ගසන්න.බිත්තර එකින් එක දමා හොදින් ගසන්න.චෙරිස් ටික කෑලි වලට කපා ගන්න.කජු හා ඇපල් ලෙලි හීනියට කපා මිශ්‍රණයට එකතු කරන්න.ඉන්පසු හලා ගත් පිටි හා කිරිත් අවශ්‍ය තරමට ලුණුත් මිශ්‍ර කොට කේක් දමන තැටියේ දමා සාමාන්‍ය උෂ්ණත්වයෙන් යුත් පෝරණුවක තබා පැය 2ක් පමණ කාලයක් පුළුස්සා ගන්න.



Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...