Saturday, September 19, 2015

25. පාස්තා එලවලු සමග සාදාගන්නා ආකාරය

පාස්තා එලවලු සමග සාදාගන්නා ආකාරය

vegetable pasta
වෙජිටබල් පාස්ටා මගේ ක්‍රමයට.


මම ගත්තේ 3 දෙනෙකුට ඇති වෙන්න
 (whole meal pasta)
එළවලු විදියට දැම්මේ( අල, button mushroom , cauliflower , parsley)

මේ ටික සිහින්ව කපා ගන්න. මීට අමතරව( සුදුළුණු ටිකක්,තක්කාලි හා බීලුණු )

ගෙඩියකුත් සිහින්ව කපන්න.
thickend cream 125ml ත් ඕනේ .
මුලින්ම වතුර බඳුනක් ලිප තබා එය උතුරන විට ලුණු හා තෙල් ටිකක් දමා එයටම pasta ටික දමා විනාඩි 10ක් තම්බන්න. 
(තම්බන්න ඕන වෙලාව packet එකේ සඳහන් කරලා ඇති ).

 තැම්බුනට පස්සේ ඒ ටික පෙරලා ඇල්වතුරින් හෝදලා පැත්තකින් තියන්න.
දැන් පැතලි බඳුනක් ලිප තබා තෙල් මේස හැඳි 2ක් විතර දන්න. එකට සුදුලුනු, බීලුනු,තක්කාලි හා සිහින්ව කැපූ අල ටික දමා රන්වන් පහවෙනතුරු බැදෙන්න හරින්න. එකටම mushroom හා cauliflower ටිකත් දම තැම්බෙන්න තියන්න.( මම නම් භාජනයේ පියන වහල තිබ්බේ) රස අනුව ලුණු දාන්න ඒ ටිකත් තැම්බෙනකොට එකට රස අනුව ගම්මිරිස් කුඩු , කෑලි මිරිස් චුට්ටක් දාල පාස්ටා ටික කලවම් කරන්න.thickend creamටිකත් mix කරලා අඩු ගින්දරේ ඒ ටික හිඳෙන කල් කලවම් කරමින් bake වෙන්න අරින්න. අන්තිමට parsley කොලටික කලවම් කරලා ලිපෙන් බා ගන්න.මේකට souce වර්ග මොනාත් දල නැහැ .එත් රස සුවඳ ඔක්කොම එනවා සුදුළුණු හා ලුණු බැදෙනකොට .

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...