Friday, September 18, 2015

22. ගෙදරදීම චීන ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය

ගෙදරදීම චීන ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය 

කඩෙන් ගෙන කෑමට වඩා ගෙදර හැමෝමත් එක්ක ගෙදරදීම චීන ක්‍රමයට සාදාගත් බතක රසය විදගන්න..

අවශ්‍ය ද්‍රව්‍ය
සම්බා හාල් කිලෝ 1
බිත්තර 4
කටු නැති එළු මස් ග්‍රෑම් 500
කරදමුංගු කරල් 5
සලාද කොළ ග්‍රෑම් 100
කැරට් අල ග්‍රෑම් 250
වියලි මිදි ග්‍රෑම් 25
බටර් හෝ මාජරින් හා ලුණු අවශ්‍ය පමණට

සාදන ක්‍රමය
එළු මස් හොදින් තම්බා සිහින් කැබලි වලට කපා ගන්න.සලාද කොළ ද ලුණු මිශ්‍ර වතුරෙන් සෝදා කපා ගන්න.තම්බා පොතු හැර ගත් බිත්තරද ළංකර ගන්න.සිහින් කර කපා ගත් කැරට් අලත් කරදමුංගුත් බත් මුට්ටියටම දමන්න.බත ඉදුණු පසු තාච්චියකට බටර් හා ලුණු ටිකකුත් දමා එළු මස් කැබලි ද බද ගන්න.බත් මුට්ටිය ලිපෙන් බා එයට වියලි මිදි දමන්න.ඉන්පසු ලොකු තසිමකට බත් බෙදා ලියාගත් බිත්තර රවුම් හා කොළත් දමා බත් තාසිම හොදින් සරසන්න.

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...