Friday, September 18, 2015

21. රසම රස තන්දුරි චිකන් පිසා


රසම රස තන්දුරි චිකන් පිසා



අවශ්‍ය ද්‍රව්‍ය :

කුකුල් මස්
ලෙමන් යුෂ මේස හැදී 2ක්
තන්දුරි පේස්ට් මේස හැදී 2ක්
යෝගට් මේස හැදී 2ක්

තන්දුරි පීසා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

බිලුනු ගෙඩි 1ක්
මාළු මිරිස් කරල් 1ක්.
අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක්
මොසරැල්ලා චීස් ස්වල්පයක්

තන්දුරි චිකන් සාදා ගන්නා ආකාරය

කුකුල් මස් වලට තන්දුරි පේස්ට් මේස හැඳි 2ක් දමා ලෙමන් යුෂ මේස හැඳී 2ක් ද දමා හොඳින් කලවම් කරන්න.ඉන්පසු යෝගට් මේස හැඳි 2ක් දමා හොඳින් අනාගන්න.එසේ සකසා ගත් කුකුල් මස් සෙන්ටිග්‍රේඩ් අංශක 200 උෂ්ණත්වයකින් විනාඩි 15ක් බේක් කරගන්න.

මෝලිය සාදා ගන්නා ආකාරය

ප්‍රථමයෙන්ම පිටි,යීස්ට් ,සීනි ,ලුණු එකට කලවම් කර වතුර ස්වල්පය බැගින් විටින් විට එක්කර රොටි පදමට මෝලිය අනාගන්න.පදමට අනාගත් මෝලියට ඔලිව් ඔයිල් දමා මෘදු වන තෙක් හොඳින් අනා විනාඩි 20ක් පමණ පිපෙන්න හරින්න.

සාදන ක්‍රමය
කලින් සඳහන් කල ලෙස සාදාගත් පිටි මෝලිය බේකින් ට්‍රේ එකේ තුනී කර ගැනීමෙන් පසුව සිහින්ව කපාගත් ලුනු පෙති ඒ මත අතුරන්න.ඉන්පසුව මාළුමිරිස් ද පෙති කපා සෑම තැනටම විසිරී යන ලෙස දමාගන්න.එසේ බේක් කර ගැනීම සෙන්ටිග්‍රේඩ් අංශක 200 පමණ උෂ්ණත්වයකින් විනාඩි 20ක් පමණ බේක් කර ගැනීම ප්‍රමාණවත්ය.

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...