Wednesday, September 16, 2015

15. නූඩ්ල්ස් සාදාගන්නා ආකාරය

 ☻☻ නූඩ්ල්ස් ☻☻  සාදාගන්නා ආකාරය 


☻☻ නූඩ්ල්ස් ☻☻

අවශ්‍ය ද්‍රව්‍ය:-

☻ නූඩ්ල්ස් ග්‍රෑම් 250 යි

☻ කැරට් ග්‍රෑම් 100 යි

☻ ගෝවා ග්‍රෑම් 100 යි

☻ බී ළූණු ගෙඩි 2 යි

☻ බිත්තර 2 යි

☻ රතු ළූණු කොළ ග්‍රෑම් 100 යි

☻ ලුණු

☻ සුදු ළූණු

☻ අවශ්‍යනම් අජිනමොටෝ ස්වල්පයක්

සාදන ක්‍රමය:-

එළවළු සෝදා සිහින්ව ලියාගන්න. ළූණු කොළ තරමක් ලොකුවට කපාගන්න. වතුරට ලුණු ස්වල්පයක් දමා නූඩ්ල්ස් තම්බා ගන්න. බී ළූණු සිහින්ව කපාගන්න. බඳුනක් ලිප තබා තෙල් ටිකක් දමන්න. රත් වූ පසු ලියාගත් ළූණු/ සුදු ළූණු දමන්න. බිත්තර ගෙඩි 2 කඩා එම බඳුනට දමන්න. ලියාගත් එළවළුද දමා හොඳින් තෙම්පරාදු කරගන්න.
එළවළු හොඳින් තැම්බී ඇත්දැයි බලා එයට වතුර පෙරාගත් නූඩ්ල්ස් ද එක්කරන්න. ලිපෙන් බාන්නට පෙර එයට කපා ගත් ළූණු කොළ එකතු කොට සියල්ල හොඳින් කළවම් කර අවශ්‍ය පමණට ලුණු හා අවශ්‍ය නම් අජිනමොටෝ එකතු කරගන්න.

මෙය සාමාන්‍ය විදිහට එළවලු නූඩ්ල්ස් එකක් වන අතර ඔබට අවශ්‍ය නම් මෙයට පොතු ගලවා බැදගත් ඉස්සන්, හෝ සිහින්ව කපාගත් කැමති මස් වර්ගයක් එකතු කරගත හැක

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...