Wednesday, September 16, 2015

14. චොක්ලට් ඕරියෝ කේක් හදමු

චොක්ලට් ඕරියෝ කේක් හදමු

අවශ්ය දේ
සීනි කෝප්ප 2 ( granulated sugar )
පිටි කෝප්ප 2
ලුනු තේ හැදි 1/2
බේකින් සෝඩා තේ හැදි 1
බිත්තර 2
ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 1/2
විනාකිරි මේස හැදි 1 ( white vinegar )
වැනිලා තේ හැදි 2
බටර් කෝප්ප 1/2
වෙජිටබල් shortening කෝප්ප 1/2 ( මම නම් දැම්මෙ නැහැ)
කොකෝවා පවුඩර් කෝප්ප 1/4
උනු චොක්ලට් සෝස් ජග් 1 ( 16 oz )
කූල් විප් පැකට් 1 (cool whip- 8 oz ) කූල් විප් එක හොයන්න අමාරු නම් සාමාන්ය විපින් ක්‍රීම් පැකට් එකක් පාවිච්චි කරන්න පුලුවන්.ලෝ ෆැට් එකක් ගන්න.
පොඩි කර ගත් ඕරියෝ බිස්කට් 15ක් පමණ.

සාදන ආකාරය

ඉස්සෙල්ලම කේක් එක හදා ගනිමු. ලොකු බෝල් එකක් අරගෙන සීනි,පිටි,ලුනු සහ බේකින් සෝඩා එකට මිශ්‍ර කර ගන්න.පැත්තකින් තියන්න.දැන් තවත් බෝල් එකක් අරගෙන බිත්තර,කිරි,විනාකිරි සහ වැනිලා එකට එකතු කර හොදින් ගසා ගන්න.

පැත්තකින් තියන්න.දැන් පෑන් එකක් ලිප තබා ( මද ගින්නේ ) එයට දිය කර ගත් බටර්, වෙජිටබල් shortening සහ කොකෝවා පවුඩර් දමා හොදින් හැදි ගාන්න මිශ්‍රණය සම්පූර්ණයෙන්ම දියවෙනකම් සහ ස්මූත් වෙනකම්. ( මේ මිශ්‍රණය බුබුලු දානතුරු තියන්න අවශ්ය නැහැ. කර කර ගන්නත් එපා ) දැන් ලිප නිවලා මේ මිශ්‍රණය පිටි මිශ්‍රණයට එකතු කරන්න.

එයටම කලින් සාදා ගත් බිත්තර මිශ්‍රණයත් දමන්න.ලී හැන්දක් අරගෙන මෙය හොදින් මිශ්‍ර කර ගන්න. බටර් ගා ගත් බේකින් ට්‍රේ එකකට මෙම කේක් මිශ්‍රණය දමා කලින් රත් කර ගත් අවන් එකේ 400 F උශ්ණත්වයෙන් විනාඩි 15-20 විතර බේක් කර ගන්න. ටූත් පික් එකකින් කේක් එක මැදින් ගසා බලන්න හරියටම කේක් එක බේක් වෙලාද නැද්ද කියලා.ඒකට කේක් මිශ්‍රණය ඇලෙන්නෙ නැත්නම් කේක් එක හරියටම බේක් වෙලා.දැන් කේක් එක විනාඩි 5ක් විතර නිවෙන්න තියල ලී හැන්දක මිටකින් කේක් එකේ හිල් හදා ගන්න.

කේක් එක කැඩෙන්නෙ නැති වෙන්නයි මෙය කරන්න ඕන.දැන් චොක්ලට් සෝස් එක පොඩ්ඩක් හීට් කරල කේක් එක මතුපිටට වත් කරන්න. කේක් එකේ හිල් හදාගෙන සෝස් එක වත් කරන්නෙ කේක් එක ඇතුලට සෝස් එක යන්න ඕන නිසා.

දැන් කේක් එක සම්පූර්ණයෙන්ම කූල් කරගන්න ශීතකරණයක තියලා.දැන් කූල්විප් එක කේක් එක උඩින් තවරන්න. ඒ වෙනුවට විපින් ක්‍රීම් ගන්නව නම් ඉස්සර වෙලා ක්‍රීම් එක බීට් කර ගන්න පොඩ්ඩක් තික් වෙනතුරු. පස්සෙ කේක් එක උඩ තවරන්න. දැන් පොඩි කර ගත් ඕරියෝ බිස්කට් උඩින් ඉස ගන්න.නැවත වතාවක් ශීතකර ආහාරයට ගන්න.

උපදෙස් සහ සටහන .Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...