Saturday, September 19, 2015

24. ගෙදරදීම පාස්තා / මැකොරෝනි හදමු ..!!

ගෙදරදීම පාස්තා / මැකොරෝනි හදමු ..!!







ඔන්න අද නම් ගෙනාවා විශේෂ දෙයක් ..මොකද මම දන්නවා කවුරුවත්ම ගෙදර පාස්තා , නුඩ්ල්ස් හදන්න උනන්දු වෙන්නේ නැහැ කියල .. හැබැයි කලාතුරකින් කන කෙනෙක්නම් ගෙදර මේ විදියට හදාගන්නවනම් කොච්චර එකක්ද නේද ?ඉතින් බලන්නකෝ උත්සහයක් දීලම කොහමද කියල රස කියලා ;

රෙසිපි 

පාන්පිටි 1 කප් 

බේකින් පවුඩර් තේ හැඳි 1/4 

බේකින් සෝඩා තේ හැඳි 1/4 

ලුණු තේ හැඳි 1/4 

මද වශයෙන් උණු කරගත් වතුර 50 මිලි -60 ත් අතර




ඉතින් පිටි ,බේකින් සෝඩා , බේකින් පවුඩර් , ලුණු දාල වතුර පොඩ්ඩ පොඩ්ඩ දමමින් අනා ගන්න .. මොකද මේකේ පිටි මිශ්‍රණය බනිස් ,පාන් වලට වඩා ගනකමට හදාගන්න ඕනේ නිසා .. ඉතින් මම පෙන්නලා තියෙන දෙවෙන රුපයේ ගානට ඒ කියන්නේ පාන් බනිස් වගේ ගොඩාක් සොෆ්ට් වෙනකල් වතුරෙන් අනන්නේ නැහැ .. දෙවන රූපයේ ගානට මුලින් හදාගෙන දැන් අතින් තද කර කර මේ මිශ්‍රණය සොෆ්ට් කරගන්න ඕනේ ..ඒක තමයි පාස්තා සහ මකරෝණි වල විශේෂත්වය ..ඉතින් ඔය දෙවන රූපයේ ගානට හදාගෙන නැවත 
වතුර මේස හැන්දක් විතර දාල අනල පැය බාගයක් මුලින් රෙදකින් වසා තබන්න .. 3 වෙනි රුපයෙන් පෙන්වන්නේ පැය බාගයකට පස්සේ පිටි මෝලිය පෙනෙන ආකාරය තමයි තුන්වන පියවර ලෙස පෙන්වලා තියෙන්නේ පිටි මෝලිය හදාගන්නා පියවර පේලියේ ..ඊටපස්සේ අයෙත් අනලා තවත් පැය බාගයක් තියල හොදට තුනී වෙනකන් රෝල් කරන්න .. හොදටම තුනී කරලා පිටි ටිකක් ඉහන්න ,ඊටපස්සේ දෙපැත්තෙන්ම රෝල් කරන ඇවිත් කපාගන්න .. ඊටපස්සේ කපාගත් කෑලි වතුර එකක් උණු කර එයට දාල විනාඩි 8-10 අතර කාලයක් හොදින් තම්බගන්න .. දැන් කෑලි හොදට සොෆ්ට් එකට ආවාට පස්සේ ඇල් වතුරෙන් හෝදලා වතුර ටිකක් බේරලා කැමති ආකාරයට මිශ්‍ර කරගන්න .. මම නම් බිත්තර හොද්දක් හදල ඒකත් එක්ක මිශ්‍ර කරගත්තා .. කැමති කෙනෙකුට එළවලු එකතු කරගන්නත් කැමති ඕනෑම විදියකට හදාගන්නත් පුළුවන් .. තින් මටනම් කඩේ ඒවාට වඩා ගොඩාක් රසයි ගෙදර හදන මැකරෝනි හොඳේ .

ඒ වගේම කියන්න ඕනේ පාස්තා වලට පිටි මෝලිය හදනකොට ඕනේ නම් බිත්තර එකතු කරගන්නත් පුළුවන් .. ඉතින් පිටි 1 කප් එකකට සාමන්යෙන් බිත්තර බාගයක් එකතු කරගන්න පුළුවන් ..ඒත් මම ගොඩාක් වෙලාවට එකතු කරන්නේ නැහැ හොඳේ ..



Amila & Hashi



තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...