Friday, September 18, 2015

20. සී ෆුඩ් පාස්තා විත් චිස්

සී ෆුඩ් පාස්තා විත් චිස්


අවශ්‍ය ද්‍රව්‍ය :

පාස්තා  ග්‍රෑම් 100ක්
දැල්ලෝ ග්‍රෑම් 50ක්
ඉස්සෝ ග්‍රෑම් 50ක්
මාළු ග්‍රෑම් 50ක්
ලොකු ලුණු ග්‍රෑම් 50ක්
සුදුලුනු බික් 4ක්
බටර් මේස හැඳි 1/2ක්
ලුණු
ගම්මිරිස් කුඩු රස අනුව

සාදන ක්‍රමය

පාස්තා උතුරන වතුරට දමා තම්බා වතුර පෙරා පසෙකින් තබන්න.ඉස්සෝ දැල්ලෝ ,මාළු කුඩා කැබලි වලට කපා ගන්න.දැන් බඳුනක් ළිප තබා බටර් ටිකක් දමන්න.එය රත්වෙන විට කුඩාවට කපා ගත් ලුනු ,සුදුලුනු, එකතු කරගන්න.එයට කපා ගත් මාළු ,ඉස්සෝ ,දැල්ලෝ දමා බැදෙන්නට හරින්න.මෙයට රස අනුව ලුණු හා අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු එකතු කරගන්න.මෙය හොඳින් තැම්බූණාට පසු තම්බාගත් පාස්තා  එක්කර හොඳින් කලවම් කරන්න.දැන් මෙයට චිස් සෝස් එකක් සාදා ගත යුතුය.

 චිස් සෝස් සඳහා

පාන් පිටි ග්‍රෑම් 50ක්
බටර් ග්‍රෑම් 50ක්
පිටි කිරි මිලි ලීටර් 150ක්
චිස් ග්‍රෑම් 50ක්
ලුණු

මුලින්ම බටර් ළිප තබා දියවූ පසු පිටි එකතු කරගන්න.එය හයිවේගෙන එනවිට කිරි ටික බැඟින් එකතු කරමින් ගසා ගන්න.කිරි සියල්ල දැමු පසු චීස් ග්‍රෑම් 50ක් සහ ලුණු ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍ර කර ලිපෙන් බාන්න.

මුලින්ම සාදා ගත් පාස්තා මත චීස් සෝස් දමා ඉන්පසු සංග්‍රහයට යොදා ගන්න.


Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...