මන් අද බලන්නත් එක්ක ච්ස් හැදුවා හොදටම අවා ගෙදරදිම කාෆ්ට් ච්ස් හදා ගන්නත් පුලුවන් ඔන්න මුලින්ම ක්‍රිම් ච්ස් හදාගමු කො..
මුලින් ම මන් හදපු විදිහට පොඩ්ඩක් හදලා බලන්නකො
..කිරි ලිටර් දෙකක්
යොගට් කප් එකක්
ලුනු ටිකක්
විනාකිරි මෙස හැන්දක්.
මුලින්ම අවශ්‍ය ෆ්‍රෙශ් ක්‍රිම් ටික හදා ගමු
මුලින්ම කිරි ලිටර් 1 ක් දමා උනු කරන්න ටික වෙලාවක් අඩු ගින්දරෙ උනු උ පසු උතුරන කොට ගින්දර අඩු කරන්න මෙ විදිහට 3 වතාවක් පමණ උතුරන්න හැර ලිපෙන් ඉවත් කර වසා නිවෙන්නට තියන්න එය ෆ්‍රිජ් එකෙ දවස් දෙකක් තබන්න..පසුව කිරි එකෙ උඩින් මිදි අැති ක්‍රිම් කොටස පැත්තකින් තියන්න.. ඔන්න අපි ෆ්‍රෙශ් ක්‍රිම් හදලා ඉවරයි
එ කිරි ටිකට අනිත් කිරිත් දමා උනු කරන්න එය උතුරන කොට එයට ෆ්‍රෙශ් ක්‍රිම් මෙස හැදි දෙකක් යොගට් කප් බාගයක් එකතු කරන්න උතුරන විට විනාකිරි දමන්න හොදින් කැටී ගැසුණු පසු පෙරා අයිස් කැට සහිත වතුරෙන් සොදන්න පසුව වතුර හොදින් ඉවත් වෙනසෙ මිරිකා හැර එ රෙද්ද හැම පැත්තෙන්ම වසා බර දෙයක් තියන්න වතුර ඉවත් වෙන සෙ..පසුව කිරි කැබලි ගයින්ඩර් එකට තමා ටිකක් කුඩු කර කලින් අරන් තියපු ෆ්‍රෙශ් ක්‍රිම් යොගට් දමා ලුනු ටිකක් සිනි ටිකක් දමා මිශ්‍ර කර රවුම් ට්‍රේ එකකට රෙදි කඩක් තබා චිස් මිශ්‍රනය දමා හතර පැත්තෙන් වසා බර දෙයක් එ මත තබන්න දැන් රසම රස ක්‍රිම් චිස් හදලා ඉවරයි ටික වෙලාවකින් කැමට ගන්න
ඔන්න මෙ ක්‍රිම් චිස් එකෙන් චිස් කෙක් හදන්න පුළුවන් නිකන් කන්නත් පුළුවන් පිසා හදන්න බෙක් කරන්න හැම දෙයක්ම පුළුවන් හරිම රසයි.
පනිර් නෑත්නම් cottage චිස් හදන්නෙත් ඔය විදිහට මයි
එකට මුකුත්ම මිශ්‍ර නොකර කලින් විදිහටම කිරී උතුරන්න හැරලා විනාකිරි දාලා පෙරා ගෙන ලුනු ටිකක් මිශ්‍ර කරලා අර විදිහටම තද කරලා කැලි කපා ගෙන උයා ගන්නවා සමාන්‍ය කරි එකක් උයනවා වගෙදැන් ගොඩාක් ගුන කැමක්
කාෆ්ට් ච්ස් හදන්න ගමු මෙක ලන්කාවෙ ඉන්න අයට විතරයි හදන්න පුලුවන් වෙන්නෙ
මෙකට නවසි පොල් ගෙඩියක් ඔනෙ වෙනවා මුලින්ම නවසි පොල් ගෙඩිය හිල් තුනක් තියන තැනින් එකක් හිල් කර වතුර ඉවත් කර ගන්න..
මුලින් විඩිහටම කිරි උතුරන කොට එයට යොගට් ෆ්‍රෙශ් ක්‍රිම් දමා උතුරන කොටම බාන්න නිවෙන්න තබා එයට ලෙමන් ජුස් මෙස හැන්දක් ලුනු ටිකක් සිනි ටිකක් දමා රස කර පොල් ගෙඩියට පුරවන්න රෙදි කැබැල්ලක් හිර කර ඉටි වලින් සිදුර වසා දුමේ මාස 3 ක් එල්ලා තබා පොල් ගෙඩිය බිද මාස 3 කින් රසම රස කාෆ්ට් ච්ස් කැමට ගන්න පුලුවන්
Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න