Saturday, September 26, 2015

51. නිවසේදීම යෝගට් හදා ගනිමු

නිවසේදීම යෝගට් හදා ගනිමු


---------------------------------------
අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°°
ප්‍රේෂ් මිල්ක් 750ml
යොගට් 200g
ජෙලටින් තේහැදි 2
සිනි 200g (රස අනුව දමා ගන්න )
වැනිලා තේහැදි 1-2

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°°°°°°


මුලින් කිරි හා සිනි එකට දමා ටික වේලාවක් උණු කරන්න.ගොඩක්ම අවශ්‍ය නැහැ.
ජෙලටින් ටික උණු වතුර ටිකක් සමග හොදින් දිය කර ගන්න.
පසු කිරි එක නිවුනාට පසු එකට වැනිලා හා ජෙලටින් ටික දමා හොදින් මිශ්‍ර කරන්න.
යොගට් 200g හොදින් දිය කර ගෙන එක කිරි වලට හොදින් මිශ්‍ර කර ප්ලාස්ටික් බදුන් වලට දමා හොඳ උණුසුම් ස්ථානයක තියන්න.
මම තිබ්බේ අවන් එක ඇතුලේ.
අනිත් එක මම මේ මිශ්‍රනය හැදුවේ හවස.
පසු ඊලඟ දවසේ හවස මම එක ප්‍රිජ් එකට දැම්මා.
පසු පැය ගානකට පස්සෙ හොදින් යොගට් ටික සෙට් වෙලා තිබුනා


Amila & Hashi
.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...