Saturday, September 26, 2015

53. බිෆ් ස්ටුවක් සාදාගන්නා ආකාරය 

බිෆ් ස්ටුවක් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°°°°°°°

ටිකක් ලොකුවට කපා ගත් බිෆ් අවශ්‍ය ප්‍රමාණයට

හොදින් ඉදුණු රතු පාට තක්කාලි ගෙඩි 4-5

ටොමැටෝ පේස්ට් ටිකක් ( සුපර්මාර්කට් වල තියෙනව
කපා ගත් ලුනු ගෙඩියක්

නොර් සුප් කියුබ් 1 -2

තියෙනවා නම් රතුපාට මිරිස් කරල් 2

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°

මුලින් මස් හොදින් සෝදා ප්‍රේෂර් කුකර් එකකට දමා එකට ලුණු ටිකක් /ගම්මිරිස් කුඩු ටිකක් හා මිරිස් කුඩු ටිකක් දමා එකට වතුර ටිකක් දමා හොදින් මස් ටික තම්බා ගන්න

දැන් බෙලෙන්ඩර් එකක් අරගෙන එකට කපා ගත් තක්කාලි /ලුනු /රතු අමුමිරිස් /නොර් සුප් කියුබ් /ටොමැටෝ පේස්ට් හා වතුර ඇබින්දක් දමා හොදින් බෙලෙන්ඩර් කර ගන්න

පසු භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් වැඩිපුර දමා රත් වු පසු එයට ඉගුරු සුදුලුනු පේස්ට් දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න

පසු එකට මුලින් තම්බා ගත් මස් ටික දමා විනාඩි 5-10 බැදෙන්නට හරින්න

පසු එයට හොදින් බෙලෙන්ඩර් කර ගත් තක්කාලි ටික දමා කලවම් කර ගෙන ටික වේලාවක් ගියාම මස් තම්බා ගත් භාජනයේ වතුර ගතිය ඉතිරි වි තියෙනවා නම් එය හෝ නැතිනම් වතුර ටිකක් වෙන්න එක් කර භාජනය වසා උයා ගන්න

ටික වේලාවක් ගියාම පෙනෙවි ස්ටු එක හොඳ උකුවට හා උඩට තෙල් මතු වෙලා තියෙනවා .

පසු අවශ්‍ය නම් සිනි ටිකක් වෙන්න දමා ගන්න
( කැමති නම් පමණක් )

දැන් ස්ටු එක ඉවතට ගන්න

Amila &Hashi 
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...