Tuesday, October 29, 2024

240. කෙසෙල් මුව මැල්ලුමක් සාදාගන්නා ආකාරය

කමුද රසම රස කෙසෙල් මුව මැල්ලුමක්
දවල් බතට.....🌸🌼🦋🥰
අවශ්‍ය ද්‍රව්‍ය:
 කොස් ඇට ස්වල්පයක්,
හාල්මැස්සන් ස්වල්පයක්,
රම්පේ කරපිංචා,
අමු මිරිස්,
ගා ගත් පොල් ස්වල්පයක්,
කුඩා බී ලූණු ගෙඩියක්.

හීනියට කපා කහට ඉවත් කර සෝදාගත් කෙසෙල් මුව වලට ලුණු,කහ,මිරිස් කුඩු,තුනපහ කුඩු,එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන ඇත.
භාජනයක් ලිප තබා,එයට තෙල් ස්වල්පයක් එක්කර රත් වූ පසු අබඇට එකතු කරගන්න.ඉන්පසු හාල්මැස්සන් එකතු කර හොඳින් බැදගන්න.
එයට බීලූනු අමුමිරිස්, රම්පේ කරපිංචා,කොස්ඇට ටික එකතුකර තෙම්පරාදු කරගන්න.
ඉන්පසු කෙසෙල් මුව ටිකද එයට එකතු කරන්න.මේ සියල්ල හොඳින් මිශ්‍ර කර අඩු ගින්දරේ පිස ගන්න.
ටික වේලාවකට පසුව ගා ගත් පොල් ස්වල්පය ද එයට එකතු කර හොඳින් මලවා ගන්න.
රස අනුව ලුණු එකතු කරන්න.

දැන් රස බලන්න පුළුවන්.....🥰👍
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...