Monday, December 2, 2019

168. පොල් ටොපි සාදාගන්නා ආකාරය

පොල් ටොෆී හැදුවා ගොඩාක් රසට ආවා.ඔයාලත් හදලා බලන්න කො..


පොල් 1 kg
 සීනි 750 g 
බටර් 
කිරිපිටි මේස හැදි 1 
වැනිලා තේ හැදි 1 
ෆුඩ් කලරින් බින්දු දෙකක්

පොල් සීනි බ්ලෙන්ඩර් කරලා ලිපේ අඩු ගින්දරේ උයාගන්න.සීනි පොල් ටික වතුර වගේ එනකොට වැනිලා ටික ,ෆුඩ් කලරින් සහ බටර් තේ හැන්දක් දමාගෙන කිරිපිටි ටිකත් එකතු කරලා නොනවත්වා හැදි ගාමින් අතට තද ගතිය වෙනකල් උයා ගන්න.දැන් බටර් ගාපු තැටියකට පොල් ටික දාලා ඉක්මනින් තුනී කරගෙන කෑලි මාර්ක් කරලා නිව්නට පසුව කෑලි වෙන් කරගන්න.හරිම රසයි කලරින් අඩුවෙන් දා ගන්න එතකොට ලස්සන ලා කොලපාටට එනවා.හදලා බලලා රස කියන්නකො.😘😜👍

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...