Monday, October 5, 2015

89. වට්ටක්කා කොත්තමල්ලි කොල කරිය සාදාගන්නා ආකාරය

 වට්ටක්කා කොත්තමල්ලි කොල කරිය සාදාගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා පොඩි ගෙඩියකින් 1/6 ප්‍රමාණයක්
හීනියට කපාගත් කැරට් අල 1/2
කපාගත් කොත්තමල්ලි කොළ පොඩි මිටි 2
කපාගත් අමු මිරිස් කරල් 2
කපාගත් ළුණු ගෙඩි 1/4
ලොකු කුරුඳු පොත්තක්
කරපිංචා ටිකක්
උළුහාල් ටිකක්
කහ කුඩු ,ගම්මිරිස් ,ලුණු රස පරිදි
අමු තුනපහ කුඩු මේස හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
කපාගත් සුදුලුනු බිකි 2-3
රම්පෙ ලොකු කැබලි 2

මුලින්ම වට්ටක්කා වල පොත්ත ඉවත් කරලා කපාගන්න. ඉන්පසු එයට කොත්තමල්ලි කොළ සහ කැරට් හැර ඉතිරි සියල්ල දමා වතුර ටිකක් සමග වට්ටක්කා තම්බෙන්නට හරින්න.වට්ටක්කා 3/4 වගේ පදමට තම්බා ගන්න. වතුර තබා ඒ ගානට තැම්බුණු පසු කපාගත් කොත්තමල්ලි කොළ, කැරට් එකතු කරලා පොල් කිරි තමන්ගේ රුචිකත්වය මත එකතු කර හොදි අවශ්‍ය පමණට තබා ලුනු රස බලා ලිපෙන් බා ගන්න.


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...