Monday, October 5, 2015

88. වම්බටු අච්චාරු සාදාගන්නා ආකාරය 

වම්බටු අච්චාරු සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°°

වම්බටු ග්‍රෑම් 500
රතුළූණු ග්‍රෑම් 150
අමු මිරිස් ග්‍රෑම් 500
විනාකිරි කෝප්ප 1
සුදු ළූණු
අබ
තෙල් 1/4
හාල් මැස්සන් ග්‍රෑම් 50
දෙහි යුෂ
සීනි
ලුණු, කහ අවශ්‍ය තරමට

සාදන ක්‍රමය
°°°°°°°°°°°°

හාල් මැස්සන් සුද්ද කර කහ, ලුණු ඒවායේ හොදින් ගෑවෙන සේ අත ගා, බැදගන්න. වම්බටු කපා බැදගන්න. ඉන් පසු කපාගත් අමු මිරිස්, රතු ළූණු බික් 3ක්, සුදු ළූණු, අබ ස්වල්පයක්, විනාකිරි දමා යන්තමට රත්කර ගන්න, ඉන්පසු ලුණු සහ පිළියෙළ කර ගත් වම්බටු, හාල් මැස්සන් දමා කලවම් කර ගන්න. වියළි ගතියෙන් මිශ්‍රණය සකසා බෝතලයක බහා දවස් තුනකට පසු කෑමට ගන්න.

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...