Thursday, October 1, 2015

77. පැස්ටා කාබොනාරා සාදාගන්නා ආකාරය

පැස්ටා කාබොනාරා

අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°

පැස්ටා 250
බේකන් 280
ෆ්‍රේෂ් ක්‍රීම් 150
බිත්තර 1
බිත්තර කහ මද 1
ෆාමසාන් චීස් 60
බටර් 50
බට්න් මෂ්රෑම් 6
සුදුළුණු බික් 3
බීළුණු ගෙඩි 1
බෙල් පෙපර් පාට දෙකකින් 2
ලුණු ස්වල්පයක්ගම්මිරිස් ස්වල්පයක්


සාදන අන්දම 
°°°°°°°°°°°°°°°

            පැස්ටා එක සාමාන්‍ය ගානට තම්බා ගන්න. බිත්තර 1 හා බිත්තර කහමද 1ක් ගෙන හොදින් මිශ්‍ර කර ගෙන එයට චීස් ටිකත් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. එය පසෙකින් තබා ගන්න.  

            දැන් භාඡනයක් ලිප තබා එයට බටර් දමා ගෙන එය දිය වූ පසු කුඩාවට චොප් කර ගත් බේකන් දමා ගෙන සාමාන්‍ය ගානට බැද ගන්න. පසුව එයට සුදුළුණු, බී ළුණු දමා ගෙන හොදින් මිශ්‍ර කර ගෙන බැද ගන්න. පසුව එයට බෙල් පෙපර්, බට්න් මෂ්රෑම් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව එයට ෆ්‍රේෂ් ක්‍රීම් දමා ගෙන හොදින් මීශ්‍ර කර ගෙන ලුණු, ගම්මිරිස් රස පදමට දමා ගෙන කලවම් කර ගන්න. පසුව එයට සාදා ගත් බිත්තර මිශ්‍රණය දමා ගෙන හොදින් කලවම් කර ගන්න. ඉන්පසු ලිපෙන් බා ගෙන පිළිගන්වන්න.

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...