Wednesday, October 21, 2015

115. පේස්ට්‍රී ගොවා මල් සමග සාදාගන්නා ආකාරය

පේස්ට්‍රී ගොවා මල් සමග සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍යඃ
°°°°°°°°°°°°°°°°°°°°°°
375 g ෆිලෝ පේස්ට්‍රී ෂීටස්((සාදාගන්නා ආකාරය මෙතනින්)
හීනියට ගාගත් ගෝවාමල් කෝප්පයක්
ග්‍රීන් පීස් කෝප්ප කාලක්
පනීර් / චීස් කෝප්පයක්
බටර් කෝප්ප කාලක්
එලවඵ තෙල් මේස හැදි දෙකක්
දියකරගත් බටර් කෝප්ප කාලක්/ෆිලෝ ෂීට්ස් වල ගාගැනිමට.
චාට් මසාලා මේස හැන්දක්
මිරිස් කුඩු මේස හැන්දක්
ලුනු තේ හැදි කාලක්.
ගම්මිරිස් කුඩු ටිකක්

සාදන අයුරැඃ
°°°°°°°°°°°°°°°°°°°
අනේ එක 200•cට රත්කරගන්න.
බේකින් ට්‍රේ එකකට බටර් ගා පැත්තකින් තියාගන්න.
දැන් බකලාවා එක පුරවන මිශ්‍රනය හදාගනිමු.
ෆ්‍රයි පෑන් එකක් ලිප තබා එයට එලවඵ තෙල් එකතු කර මද රස්නෙන රත් වෙන්නට ඇර එයටම ගෝවාමල්,ග්‍රින් පීස්,චාට් මසාලා,මිරිස් කුඩු ,ලුනු දමා කලවම් කරන්න.

විනාඩි දෙකක් පමන තෙල්දමා ලිපෙන් බාගන්න.
මීලගට බකලාවා එකට දාන චීස් වෙනමම හදාගන්න.ටිකක් ලොකු කුකින් පෑන එකකට කිරි ලීටරයක් වත්කර උතුරන්නට එන විට එයට දෙහි ගෙඩියක ඉස්ම මිශ්‍ර කර,කැටි වුනු කිරි පෙරා ගෙන ගෝවා මල් මිශ්‍රනයට කලවම් කරගන්න. 
දැන් බේකින් ට්‍රේ එකේ ෆිලෝ පේස්ට්‍රි ෂීට් එකක් එලාගන්න.ඒ ෂීට් එකේ බටර් ගාගන්න. ඊලගට තව ෂීට් එකක් එලන්න.ඒ උඩින් බටර් ගාන්න. මේ විදිහට ෂීට්ස් පහක් එලල ඊට උඩින් චීස් සහ එලවඵ මිශ්‍රනය අතුරා ගන්න.
දැන් එම මිශ්‍රනය වැසෙන පරිදි තව ෆිලෝ ෂීට් පහක් බටර් තවරමින් එකකට උඩින් එකක් එලා බේකින් ට්‍රේ එක වටේම ෆිලෝ‍ ෂීට කොන් ඇතුලට නමන්න.
දැන් උඩ හොදට බටර් තවරා අවන් එකේ විනාඩි තිහක් බේක්කරගන්න.
එලියට අරන් දියකරගත් බටර් වලට ගම්මිරිස් සහ ලුනු කලවම් කර උඩින් වත්කර විනඩි දහයක් විතර නිවෙන්න තියල කපාගන්න.
ඉතුරැ වුනොත් ෆ්‍රිජ් එකේ තියන්න.රිජ් එකේ තියල ගත්තම ලස්සනට කපාගන්න පුඵවන්.

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...