Tuesday, October 20, 2015

114. කෙසෙල් මුව සීනි සම්බෝලයක් සාදාගන්නා ආකාරය

කෙසෙල් මුව සීනි සම්බෝලය


අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් මුව 1
තෙල් ස්වල්පයක්
ලොකු ළුණු ගෙඩි 1
උම්බලකඩ මේස හැදි 1
සුදුළුණු
ඉඟුරැ
සීනි තේ හැදි 1
ලුණු,
කහතක්කාලි ගෙඩි 1
අමු මිරිස් කරල් 2 – 3
ක්කැබලි මිරිස්
පොල් කිරි කෝප්ප ¼


සාදන අන්දම

            කෙසෙල් මුව පොතු හැර මැද කොටස සිහින්ව ලියා ගන්න. වතුරට ලුණු හා කහ දමා කෙසෙල් මුව එයට එකතු කරන්න. මිරිකා ඉවතට ගෙන ගැඹුරැ තෙලට දමා බඳින්න. තක්කාලි ගෙඩිය කුඩාවට කපා ගන්න. ලොකු ළුණු ද කපන්න. තෙල් මේස හැදි ½ක් ලිප තබා ඉඟුරැ, සුදුළුණු දමා බඳින්න. තක්කාලි, ළුණු,කැබලි මිරිස්, උම්බලකඩ, අමුමිරිස්, කරපිංචා දමා එයටම කෙසෙල් මුව දමා පිසින්න. පොල් කිරි සමඟ සීනිත් දමා හිදෙන්න උයා ගන්න.

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...