පලතුරු කේක් සාදාගන්නා ආකාරය
අවශ්‍ය දුව්‍ය
°°°°°°°°°°°°°°°
බටර් 500g
සීනි 500g
බිත්තර 10
පිටි 575g
බේකිං පවුඩර් 2Tsp
පුහුල් දෝසි 200g (කුඩා කැබලිවලට කපා 100g බැගින් කොටස් දෙකකට වෙන් කර ඒවාට රතු හා කොල පැහැයන් දමාගන්න.)
කජු 100g
රට ඉඳි 100g
ප්ලම්ස් 100g
වැනිලා 2Tsp
සුරාගත් ලෙමන් පොතු 2Tsp
සදන ක්‍රමය
°°°°°°°°°°°°°°
සියලු පලතුරු කපා වෙන වෙන ම තබන්න. ඒවාට පිටි ග්‍රෑම් 75 දමමින් කලවම් කර වෙන ම තබාගන්න. වෙනම පිටි කලවම් කළ පසු ඒවා එකට දමාගන්න. බටර්, සීනි, එකට ක්‍රීම් කරන්න. වරකට එක බැගින් බිත්තර එකතු කරන්න. පිටි හා බේකිං පවුඩර් එකට දමා තුන්වරක් හලාගන්න. මේ පිටි, ක්‍රීම් මිශ්‍රණයට දමන්න. වැනිලා ද පිටි එකතු කරගත් පලතුරු ද දමා කලවම් කර ලෙමන් පොතු ද දමන්න. සෙ.අ. 125 උෂ්ණත්වයේ විනාඩි 45 ක් බේක් කරන්න.
කේක් තැටියට බටර් තැවරූ එක් තෙල් කඩදාසියක් දමාගැනීම ප්‍රමාණවත්.
Amila & Hashi